දුම්රිය ගමන් ගාස්තුව දැන ගැනීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමෙන්තුව විසින් ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය ගමන් ගාස්තුව මාර්ගගතව (Online) දැන ගැනිමේ පහසුකම ලබා දී තිබෙනවා.

දුම්රිය ගමන් ගාස්තුව දැන ගැනීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දෙයි

එදිනෙදා ගමන් සඳහා දුම්රියන් භාවිත කරන බොහෝ දෙනෙකුට තමන්ගේ ගමනාන්තය සඳහා දුම්රිය ගාස්තුව දැන ගැනීමට අවශ්‍ය නම් දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීම හෝ දුම්රිය ස්ථානය ඇමතිම සිදු කළ යුතු වනවා. මේ සඳහා යම් විසදුමක් RDMNS App එක ඔස්සේ ලබා දුන් අතර, ඒ ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ඒ ඒ දුම්රිය ස්ථාන සඳහා ගමන් ගාස්තුව දැන ගැනිමේ හැකියාව ලැබි තිබු බවත් අප මීට පෙර ඔබට වාර්තා කර තිබෙනවා.


මෙම ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලබා දෙමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය ගමන් ගාස්තුව මාර්ගගතව (Online) දැන ගැනිමේ පහසුකම ලබා දී තිබෙනවා.

ticketfare.railway.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම ඔස්සේ ඕනෑම දුම්රිය ස්ථාන දෙකක අතර පළමු පංතියේ, දෙවන පංතියේ සහ තෙවන පංතියේ දුම්රිය ගමන් ගාස්තු පිළිබඳව තොරතුරු ලබා ගැනිමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා තාක්ෂණික සේවය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ සේවය විසින් සපයනු ලබනවා. එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එහි Find Your Ticket Fare ඔස්සේත් මේ සඳහා පිවිසිය හැකි වනවා.


ඒ වගේම මීට පෙර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් හඳුන්වා දුන් Railway Reservation වෙබ් අඩවිය සහ App එක ඔස්සේ ඔබට අවශ්‍ය දුම්රිය ආසන වෙන් කරවා ගැනීම් සිදු කළ හැකි අතර දුම්රිය ධාවනය, දුම්රිය කාලසටහන සහ සජීවී දුම්රිය රේඩාර් පද්ධතිය යනාදි පහසුකම් රටවටා දුම්රිය මගීන්ගේ නිල සමුහය විසින් පවත්වාගෙන යනු ලබන RDMNS App එක ඔස්සේ ඔබට ලබා ගත හැකියි.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna