ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ මාතරට නව 4G ජංගම දුරකථන කුළුණු 25 ලබා දීමට සූදානම් වේ

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ මාතරට නව 4G ජංගම දුරකථන කුළුණු 25 ලබා දීමට සූදානම් වේ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන සන්නිවේදන ආයතනය සමගින් එක්ව 100%ක් 4G හෝ Broadband ආවරණය ශ්‍රී ලංකාව පුරාවටම ලබා දීම සදහා පසුගිය වසරේදි ආරම්භ කරන ලද 'ගමට සන්නිවේදනය' වැඩ සටහනට සමගාමීව මේ වෙන විට ශ්‍රී ලංකාව පුරාම දුරකථන සංඥා කුළුණු ඉදිවෙමින් පවතින අතරම බොහෝ ප්‍රදේශවලට මේ වෙන විටත් 4G හෝ Broadband ආවරණය ලබා දිමට සමත් වි තිබෙනවා.

මේ විට ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘතිය රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙහි මීලග පියවර ලෙස මාතර දිස්ත්‍රික්කයේ මුලික සන්නිවේදන අවශ්‍යතා සපුරා නොමැති ප්‍රදේශ හදුනාගෙන එම ප්‍රදේශ සදහා 4G හෝ Broadband ආවරණ ලබා දිමේ කටයුතු මේ වෙන විට ආරම්භ වි තිබෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයම 4G තාක්ෂණයෙන් බලගැන්විම සදහා වෙන ව්‍යාපෘතියේ ප්‍රථම සාකච්ඡාව පසුගිය 15 වෙන දින Zoom තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබුවා. මෙහිදි විදුලි සංදේශ කුළුණු ඉදිකිරීමේ ක්‍රියාවලිය සදහා එම කුළුණු  ඉදිකිරීමට අවශ්‍ය අනුමැතියන් ඉතා ඉක්මනින්ම ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් ද සකස් කළ අතර මේ ඔස්සේ දුරකථන සංඥා කුළුණු 25ක් ඉදිකිරීමට නියමිත අතර මේ වෙන විට පවතිව දුරකථන සංඥා කුළුණු යාවත්කාලීන කිරීමත් මේ සමග සිදු වෙනවා.

  1. ඉලුක්පැල්ල කුළුණ - ඉලුක්පැල්ල, හිග්ගොඩ, එරමුදුගොඩ
  2. හිග්ගොඩ කුළුණ - හිග්ගොඩ, ගංහැල
  3. දෙදියගල කුළුණ - දෙදියගල, ඇහැලපේ, දිගනහේන
  4. ගල්ලල කුළුණ - ගල්ලල
  5. දොලමාවත්ත කුළුණ - දොලමාවත්ත, විලගම
  6. ඌරුමුත්ත කුළුණ - ඌරුමුත්ත, දෙමටපස්ස, ඌරුමුත්ත දකුණ, කෙහෙල්වල
  7. කහගල කුළුණ - උල්ලල බටහිර, කහගල, මාපලාන
  8. බෙලිඅත්තකුඹුර කුළුණ - පුස්සවෙල
  9. බටයාය කුළුණ - බටයාය
  10. කිරිවැල්දොල කුළුණ - කන්දිල්පාන, කිරිවැල්දොල, කීරිවලගම
  11. හොරගල කුළුණ - හොරගල බටහිර
  12. විහාරහේන කුළුණ - අඬාරදෙනිය, කළුගලහේන, විහාරහේන
  13. පල්ලෙගම කුළුණ - පතවල නාඩකන්ද
  14. ගම්මැදගම කුළුණ - ගම්මැදගම
  15. රන්සෑගොඩ කුළුණ - රන්සෑගොඩ නැගෙනහිර, රන්සෑගොඩ බටහිර
  16. පරපාමුල්ල කුළුණ - දේවාලෙගම නැගෙනහිර
  17. අතපත්තුකන්ද කුළුණ - අතපත්තුකන්ද
  18. මොලොග්ගමුව කුළුණ - මොලොග්ගමුව දකුණ
  19. කැටවල කුළුණ - කැටවල, පට්ටිගල
  20. තලපලාකන්ද කුළුණ - කැකුන්දෙනිය, තලපලාකන්ද
  21. එළමල්දෙණිය කුළුණ - එළමල්දෙණිය
  22. ලේනම කුළුණ - ලේනම උතුර, කදුරුවාන, වතුරකුඹුර, ලේනම දකුණ
  23. දෑරංගල කුළුණ - දෑරංගල, තැන්නහේන
  24. තල්අරඹ කුළුණ - තල්අරඹ උතුර, තල්අරඹ නැගෙනහිර
  25. වරකපිටිය කුළුණ - වරකපිටිය උතුර, දෙනිපිටිය නැගෙනහිර, කොටවිල උතුර, නිදංගල

මේ ව්‍යාපෘතිය 2022 මාර්තු මාසයේදි අවසන් කිරිමට නියමිත අතර මෙහි සේවා සපයන්නන් ලෙස Dialog, Mobitel, Airtel හා Hutch ආයතනය කටයුතු කරනු ලබනවා. මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන සන්නිවේදන කුළුණු 60m පමණ උසකට ඉදිකරනු ලබනු ඇති අතර මේවා මගින් වර්ග කිලෝමීටර් 5-6 පමණ වු ප්‍රදේශයක් ආවරණය වෙනු ලබනවා.

මෙම සාකච්ඡාව සදහා ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් සහ  ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්, ධීවර සංවර්ධන ගරු අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටු ගරු සභාපති නිපුන රණවක මහතා, පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී  කරුනා කොඩිතුවක්කු  මැතිතුමන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා අතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, විදුලි සංදේශ සේවාදායක  සමාගම් නිලධාරීන් හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් සහභාගි වනු ලැබුවා.

Source: TRCSL

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara