නින්දෙ​න් ගෙරවීම නවත්තන්න නිපදවූ AI තාක්ෂණයෙන් බල ගැන්වෙන අළුත්ම කොට්ට​ය

නින්දෙ​න් ගෙරවීම නවත්තන්න නිපදවූ AI තාක්ෂණයෙන් බල ගැන්වෙන අළුත්ම කොට්ට​ය

කුමන හෝ අයෙකු නින්දෙන් ගෙරවීම ඔබ ජිවිතයේ අනිවාර්යයෙන්ම අත්දැක ඇති බව නිසකයි. නැතිනම් බොහෝ විට ඔබ නින්දෙන් ගොරවනවා විය හැකියි. මේ ගෙරවීම කියලා අදහස් කරන්නේ පුද්ගලයෙකු නිදා සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි. මෙය සිදු වන්නේ නින්දේදී ඔබගේ ස්වසන මාර්ගය අවහිර වීම නිසයි. එනම් නාසය සහ මුඛය හරහා හරහා වාතය ගමන් කිරීමයි.

නින්දේදී මෙලෙස ගෙරවීම මගහරවා ගැනීමට HOOTI සමාගම නව නිෂ්පාදනයක් එළිදක්වා තිබෙනවා. එය ඔවුන් හඳුන්වා ඇත්තේ “next-generation anti-snore pillow” නමිනි.

මෙය සාමාන්‍ය අපි එදිනෙදා බාවිත කරන කොට්ටියකට සමාන වන අතර එය තුළ ඇති විශේෂ Detection System එකක් ඔස්සේ ගෙරවීම නිසා ඇති වන කම්පන හඳුනා ගැනීමට කටයුතු කරන අතර ඒ අනුව කොට්ටය වෙනස් වී ස්වසන මාර්ගයේ යම් අවහිර විමක් වි ඇති නම් එය යථාතත්වය පත් වීමට අවශ්‍ය පරිදි කොට්ටය වෙනස් වනවා. මෙහි විශේෂිතම කරුණ වන්නේ මේ කිසිදු විටක එය භාවිත කරන පුද්ගලයාට නොදැනෙන ආකාරයට කොට්ටය වෙනස් වීමයි.

මෙහි නිෂ්පාදකයින් දක්වන්නේ මෙය කෘතීම බුද්ධිය ඔස්සේ ක්‍රියාත්මක වන බවත් මෙය 90%ක් පමණ නිරවද්‍යතාවයෙන් යුතුව ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මෙහි පිටත කවරය සෙදිය හැකි වනවා. තවද ඔබට කොට්ටය වෙනස් වීම අක්‍රීය කර ඔබගේ නින්ද පිළිබඳව දත්ත මේ සමඟ ලබා දෙන App එක ඔස්සේ ලබා ගත හැකි වනවා.

සමාගම දක්වන ආකාරයට මෙය ඩොලර් 199ක පමණ මිල වන අතර එළඹෙන ඔක්තොම්බර් සිට බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිත වනවා.

Source: www.cnet.com bgr.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara