විකිරණශීලී අපද්‍රව්‍ය භාවිතා කරමින් වසර 28,000ක් කල්පවතින self charging වන බැටරියක් නිපදවීමට විද්‍යාඥයන් සමත් වේ

විකිරණශීලී අපද්‍රව්‍ය භාවිතා කරමින් වසර 28,000ක් කල්පවතින self charging වන බැටරියක් නිපදවීමට විද්‍යාඥයන් සමත් වේ

විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ඕනැම උපකරණයක් Battery Capacity එක කියක්නේ හැම දේනාම වගේ උනන්දුවෙන කරැණක් විදිහට දක්වන්න පුළුවන්. මේ වන විටත් පර්යේෂකයන් විසින් දැනට පවතින් Battery තාක්ෂණයට එහා ගිය Battery තාක්ෂණයක් පිළිබඳව පර්යේෂණ කරමින් සිටිනවා. මෙහි මුලික පරමාර්ථය වෙන්නේ එක් ආරෝපණයකින් වැඩි කාලයක් Battery බලය ලබා ගත හැකි හා දිගු කාලයක් භාවිත කල හැකි වන ආකාරයේ Battery එකක් නිපදවිමයි.

මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් විදිහට මේ වන විටත් එක දිගු කාලයක් භාවිත කල හැකි වන පරිදි නිපදවු Batteries EVs & Smartphone සදහා භාවිත වෙනවා. හැබැයි මේ බොහෝ Battery වල ගැටලුව වෙන්නේ එක් ආරෝපණයකින් පසු දිගු කාලයක් භාවිත කල නොහැකි විමයි. ඉතින් දැන් Batteries සම්බන්ධව පැවතුණු විශාලම ගැටලුවට පිළියෙමක් ඉදිරිපත් කිරිමට එක් සමාගමක් කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔවුන් දක්වන විදිහට මේ Battery එක වඩාත් පරිසර හිතකාමි Battery එකක් විදිහට හදුන්වන්න පුළුවන්.

ඒ විකිරණශිලි අපද්‍රව්‍ය මත ක්‍රියාකරන Battery එකක් නිපදවමිනුයි. ඒ වගේම ඔවුන් සදහන් කරන විදිහට මේ Battery එක එක් ආරෝපණයකට පසු වසර දහස් ගණනක් භාවිත කල හැකි වෙන බවත් කියන්න ඕනේ. මේ Battery මගින් බලගැන්වවෙන Smartphone එක් ආරෝපණයකට පසු වසර 90ක් දක්වා පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලත් මොවුන් දක්වා තිබෙනවා.

කැළිෆෝනියාවේ Battery නිෂ්පාදන සමාගමක් වෙන NDB සමාගම විසින් විකිරණශිලි අපද්‍රව්‍ය භාවිත කරමින් විදුලි බලය නිපදවිමට හැකි අකාරයේ නව Battery එකක් නිපදවිමට සමත් වි පවතිනවා. ඔවුන් පවසන්නේ මේ Battery එක අවුරැදු 28,000 පමණ කිසිදු ගැටලුවකින් තොරව භාවිත කිරිමට හැකි වන බවයි.

NDB සමාගම විසින් මේ නව Battery එක “Nano-Diamond Battery” ලෙස හදුන්වනවා. මේ Nano-Diamond Batteryවල විදුලි බලය නිපදවිම සදහා භාවිත කරනු ලබන්නේ න්‍යෂ්ටික අපද්‍රව්‍යයයි. ⁣මේ Battery න්‍යෂ්ටික අපද්‍රව්‍ය භාවිතයෙන් විදුලි බලය නිපවන කුඩා න්‍යෂ්ටික බලාගාර ලෙසද හදුන්වා දෙන්න පුළුවන්.

මෙහිදි ඔවුන් භාවිත කරන්නේ විකිරණශිලි මිනිරන් කොටස් වෙනවා. මේවා මගින් විවිධ කාබන් ප්‍රතිශත පවතින දියමන්ති කොටස් නිර්මාණය කරන අතර මෙලෙස සිදු කරන්නේ විකිරණශිලි මිනිරන්වල පවතින විකිරණශිලි බව අවම කිරමටයි.

ඒ වගේම මේ Nano-Diamond Battery අවශ්‍ය පරිදි ඕනැම සම්මත ප්‍රමාණයකින් නිපදවිමට හැකි අතර මේ Batteries AA හා AAA ප්‍රමාණවලින් වුවද නිපදවන්න පුළුවන් බවයි ඔවුන් දක්වලා තියෙන්නේ.

මේ Nano-Diamond Battery පිළිබඳව මේ Video එක මගින් පැහැදිලි අදහසක් ගැනිමට හැකි වෙනවා.

හැබැයි විකිරණශිලි අපද්‍රව්‍ය කියපු ගමන් අපේ ශරීරයට අහිතකයි නේද කියල තමා අපි හැමොටම හිතෙන්නේ. ඒත් NDB සමාගම කියන්නේ ඔවුන්ගේ මේ Nano-Diamond Batteryවලින් පිට වෙන්නේ මිනිස් සිරැරෙන් පිටවන විකිරණ ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. ඒ අනුව මේ Batteries අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත බව කියන්න පුළුවන්.

ඒ වගේම මේ Nano-Diamond Battery කියන්නේ EV මොටර්රථවල අනාගතය බවයි ඔවුන් පවසන්නේ. දැනට Tesla සමාගම විසින් ඔවුන්ගේ මොටර්රථ Battery සදහා වගකිමක් ගනු ලබන්නේ අවුරැදු 8 දක්වා පමණයි. හැබැයි මේ Nano-Diamond Battery එකක් නම් EV රථයක් සදහා ගැටලුවක් නොමැතිව වසර 90 පමණ භාවිත කල හැකි වන බව ඔවුන් දක්වනවා.

ඒ වගේම මේ  Nano-Diamond Battery ප්‍රයෝජවවත් වන්නේ මෝටර්රථ සදහාම පමණක් නොවෙ⁣යි. වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් සදහාම මේ Batteryවලට දායකත්වය ලබා දිය හැකි බව නොරහසක්.

කෙසේ වෙතත් තවම පර්යේෂණ මට්ටමින් පවතින් මේ Nano-Diamond Battery ඉදිරියේදි අනිවාර්යයෙන්ම වෙළදපොලට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේහ මේ Batteries පරිසර හිතකාමි විමද ඉතා අගනා දෙයක් වෙනවා.

Sources : Beebom & NDB

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara