Galaxy S24 මාදිලියට Titanium භාවිත කරන බවට තොරතුරු වාර්තා ​වේ

Galaxy S24 මාදිලියට Titanium භාවිත කරන බවට තොරතුරු වාර්තා ​වේ

පසුගිය වසර වල iphone වල බඳ නිර්මාණයට Aluminium යොදාගත් apple සමාගම මෙම වසරේ දී Titanium ලෝහය යොදාගත් බව ඔබ හොදින් දන්නා කරුණකි, එසේම එය ශක්තිමත්, බරින් අඩු සහ අධික කල්පැවැත්මක් ඇති ලෝහයකි.

Apple සමාගම මෙය ආරම්භ කිරීමත් සමගම අනෙකුත් සමාගම් ද මෙය අනුගමනය කිරීමේ මුල් පියවරක් ලෙස Samsung සමාගම ඔවුන්ගෙ නවතම S24 මාදිලියට Titanium ලෝහය භාවිතයට ගැනීමට සූදානමක් ඇති බවට අන්තර්ජාලයට Leak වී ඇති දත්ත වලින් පෙනී යයි.

*කලු පැහැයෙන්(S23 ultra).

බඳෙහි ඝණකම 8.9mm(S23Ultra) සිට 8.6mm දක්වා අඩු වී ඇති අතරම පහත Speaker සිදුර තනි තීරුවක් ලෙසට නිමවා ඇත. විශේෂයෙන් S-pen එක රවුම් හැඩයේ සිට පැතලි ලෙසට වෙනස් කිරීමකට ලක් කර ඇත.

Buttons කලින් තිබූ තැන් වලම මෙවරත් ස්ථානගත කර ඇත. Buttons මදක් ඝණව නිමවා ඇති සේම S23 Ultra එකට වඩා ප්‍රමාණයෙන් ලොකුවට මෙවර සාදා ඇත.

Design එක අතින් විශාල වෙනසක් සිදු නොවී ඇති බවට ඡායාරූප වලින් දැකගත හැක. කෙසේ වෙතත් අපට 100% නිවැරදි ලෙස දැක බලා ගැනීමට තවත් මසක් හෝ දෙකක් බලා සිටීමට සිදුවේ.

Source: www.sammobile.com UniverseIce

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna