Apple සමාගමේ නවතම iPad පෙළ සඳහා Charger Dock එක ලබා දීම නවතා දමයි

Apple සමාගමේ නවතම iPad පෙළ සඳහා Charger  Dock එක ලබා දීම නවතා දමයි

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම iPad Air 11, iPad Air 13 සහ iPad Pro 11, iPad Pro 13 හඳුන්වා දීමට කටයුතු කර තිබෙන බව ඔබ දැනටමත් දන්නවා.

කෙසේ වෙතත් මේ නව iPad පෙළ සමඟින් Apple සමාගම විසින් ඔවුන්ගේ iPhones මෙන්ම Charger Dock එක ලබා නොදීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව European Union සහ United Kingdom සඳහා අයත් වන රටවල් සඳහා මෙලෙස Charger Dock එක අහිමි වනු ලබනවා.

කෙසේ වෙතත් වසර කිහිපයක සිටම iPhones සඳහා Charger Dock එක ලබා දීම නවතා දැමුවද, මේ වන තුරරු iPad සඳහා කිසිදු ගැටලුවකින් තොරව Charger Dock එක ලබා දීම සිදු කරනු ලැබුවා.

ඔවුන් විසින් මෙය පරිසරය සුරකීමට යැයි මෙලෙස Charger Dock එක ඉවත් කළද මේ තුලින් Apple සමාගම විසින් විශාල ලාභයක් උපයන බව නම් නිසකයි. කෙසේ වෙතත් ඔබ European Union සහ United Kingdom සඳහා අයත් වන රටක අයෙකු නොවේ නම් කිසිදු ගැටලුවකින් තොරව Charger Dock එකත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම මීට අමතරව ඔවුන් විසින් සුපුරුදු පරිදි Apple නිෂ්පාදන සමඟ ලබා දෙන Apple Stickers ලබා දීමත් මේ සමඟ නවතා දමා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

Source: www.androidauthority.com www.gsmarena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara