Hutch සමාගම විසින් නව Home Broadband පැකේජ දෙකක් හඳුන්වා දෙයි

Hutch සමාගම විසින් නව Home Broadband පැකේජ දෙකක් හඳුන්වා දෙයි

ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේදී පමණ HUTCH සමාගම විසින් ඔවුන්ගේ Home Broadband සේවාව Infinity පැකේජය සමඟින් හඳුන්වා දීමට කටයුතු කරනු ලැබු බව. ඒ ඔස්සේ බදු රහිතව මාසිකව රු.7,200.00ක මුදලකට Unlimited Data භාවිත කිරීමේ හැකියාව ඔවුන් ලබා දෙනු ලැබුවා.

මීට අමතරව මේ වන විට ඔවුන්ගේ Home Broadband සඳහා නව පසුගෙවුම් පැකේජයන් දෙකක් අලුතින් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව රු. 2,459.00කට දින 30ක කාලයක් සඳහා 100GB Anytime Data සහ රු. 1,739.00කට දින 30ක කාලයක් සඳහා 50GB Anytime Data ද ලබා ගත හැකි වන පරිදි මෙම නව පසුගෙවුම් පැකේජයන් දෙක හඳුන්වා දී තිබෙනවා.

ඒ වගේම මේ පැකේජයන් දෙක සඳහාම Router එකට සහ සවි කිරීම සඳහා රු.4990.00 මුදලක් ද ගෙවිය යුතු වනවා. මේ සඳහාත් Battery Backup එකක් සහිත ZLT-S10 Router එකක් ලබා දෙන අතර Speed Limit එකක නොමති වන බවත් ඔවුන් දක්වනවා.

කෙසේ වෙතත් තවමත් මෙම පැකේජයන් සියල්ලම තවමත් ලබා ගත හැක්කේ කොළඹ අංක 1 සිට අංක 15 දක්වා වු ප්‍රදේශවල පාරිභෝගිකයින්ට පමණි.

Source: hutch.lk

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara