Meta සමාගම විසින් Threads සඳහා හඳුන්වාදුන් නව පහසුකම් මෙන්න

Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගමෙන් හඳුන්වාදුන් Threads පිළිබඳව ඔබ කවුරුත් දන්නවා ඇති. මේ සඳහා හඳුන්වාදුන් නව පහසුකම් දෙකක් ගැන අපි සොයා බලමු.

Threads Edit කිරීමේ පහසුකම

Twitter හි වසර ගණනාවක සිට පරිශිලකයන් ඉල්ලූ පහසුකමක් වන Edit පහසුකම පසුව Twitter සඳහා ලබා දුන්නද එය භාවිතා කිරීමට පරිශීලකයන්ට මුදල් ගෙවීමට සිදු වූවා. කෙසේනමුත් Meta සමාගම විසින් මේ පහසුකම නොමිලයේම Threads සඳහා හඳුන්වාදී තිබෙනවා.

Post by @threads
View on Threads

කෙසේනමුත් මෙලෙස ඔබට Thread එකක් Edit කිරීමට හැක්කේ එය පළකර මිනිත්තු 5ක් යනතුරු පමණි.

Voice Threads පළ කිරීමේ හැකියාව

ඔබට දැන් Voice Thread එකක් ලෙස ඔබට අවශ්‍ය දේ පළ කිරීමේ හැකියාව පවතිනවා. මේ සඳහා සාමාන්‍ය ලෙස Thread එකක් පළ කරන තැනට ගොස් එහි ඇති Microphone 🎙 Icon එක Click කර අදාළ දෙය Record කරගත හැකිවනවා.

Post by @threads
View on Threads

මේ පහසුකම් දෙකම මේවන විට ලොවපුරා සාමාන්‍ය පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර ඔබගේ App එක Update කර ගැනීමෙන් මේ පහසුකම් අත්විඳිය හැකියි.

ඔයත් Threads භාවිතා කරන කෙනෙක් නම් Android වැඩකාරයෝ අපිවත් Follow කරන් යන්න අමතක කරන්න එපා.

Source: beebom.com Cover Image: thehansindia.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna