වඩාත් හොඳ web browsing අත්දැකීමක් සඳහා Google Chrome වෙත නව battery සහ memory saving විශේෂාංගයක් එක්කර​යි

Google chrome හි Memory saving Mode එක මගින් දැනට භාවිතා inactive tabs sleep කර browser එකෙහි සාමාන්‍ය RAM usage එක 40% කින් පමණ අවම කරන අතර මේ සමග දැනට open කර ඇති active tabs ඉතාමත් ම smooth ලෙස run කිරීමට හැකියාව ලැබෙනු ඇත.

වඩාත් හොඳ web browsing අත්දැකීමක් සඳහා Google Chrome වෙත නව battery සහ memory saving විශේෂාංගයක් එක්කර​යි

Google සමාගම විසින් නිකුත් කරන ලද Google Chrome යනු ඉතාමත් ආරක්‍ෂිත web browser එකක් වන අතර එය මේ වන ලොව වැඩියෙන් ම භාවිතා වන web browser එක බවට පත් වී ඇත. නමුත් මෙහි අධික resource භාවිතය මෙය භාවිතා කරනන් ගේ අකමැති ම “feature” එක වනු ඇති බව නො අනුමානය. මෙයට පිළියමක් වශයෙන් Google Chrome වෙත මෑතක දී නව efficiency modes කිහිපයක් හඳුන්වා දීමට Google ආයතනය කටයුතු කරන ලදී.

Google Chrome හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට Energy saving හා Memory saving යනුවෙන් උපක්‍රම දෙකක් හඳුන්වා දී ඇති අතර google සමාගම පවසන අන්දමට මෙහි ඇති Memory saving Mode එක මගින් දැනට භාවිතා inactive tabs sleep කර browser එකෙහි සාමාන්‍ය RAM usage එක 40% කින් පමණ අවම කරන අතර මේ සමග දැනට open කර ඇති active tabs ඉතාමත් ම smooth ලෙස run කිරීමට හැකියාව ලැබෙනු ඇත.

වඩාත් සංකීර්ණ intensive websites වල ක්‍රියාකාරිත්වය සඳහා මෙය ඉතාමත් ම උපකාරී වන අතර, online games වල අඩු performance සඳහා ද මෙය කදිම විසඳුමකි.

source - google

එමෙන් ම මෙහි ඇති නවතම Energy saving mode එක මඟින් laptop පරිගණක වල google chrome භාවිතා කරන අතරතුර දී battery level එක 20% දක්වා අඩු වූ විට දී background activates හා visual effects සිමා කිරීම මගින් laptop පරිගණක වල power saving සඳහා ද සහාය දැක්වීමක් සිදු කරයි.

source - google

මෙම නවතම performance modes Google Chrome හි setting menu එක ( ⠇) මඟින් enable කල හැකි අතර ඉන් පසු search bar එකට වම පසින් දර්ශනය වේ.

මෙම features සමඟ price tracking, search bar එක side panel එකෙන් open කිරීමට ඇති පහසුකම ඇතුළුව තවත් පහසුකම් කිහිපයක් සමඟ Chrome, version 108 නිකුත් වීමට නියමිත ය.

Source: Google

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara