Facebook, Instagram, WhatsApp සහ Spotify සඳහා Dialog 4G Prepaid සහ Post-paid පාරිභෝගිකයන්ට විශේෂ පැකේජයන් හඳුන්වාදේ

Facebook, Instagram, WhatsApp සහ Spotify සඳහා Dialog 4G Prepaid සහ Post-paid පාරිභෝගිකයන්ට විශේෂ පැකේජයන් හඳුන්වාදේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සපයන සමාගමක් වෙන Dialog Axiata සමාගම විසින් Facebook, Instagram, WhatsApp හා Spotify සදහා නව Data Plan එකක් හදුන්වා දි තිබෙනවා.

ඒ අනුව බදු සහිතව රැ.98.00ක මුදලකට දින 14ක කාලයක් සදහා පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයින්ට ලබා ගත හැකි වෙනවා. Facebook, Instagram, WhatsApp හා Spotify භාවිත කිරිම සදහා SD Quality එක යටතේ 5GB Data ප්‍රමාණයක් ලබා දිම සිදු වෙනවා.

මේ නව Data Plan එක පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයින්ට සක්‍රීය කර ගැනිමේ හැකියාව ඇති අතර මෙය භාවිත කල හැක්කේ 4G Device එකක් සහිත 4G SIM පතක් භාවිත කරන පාරිභෝගිකයින්ටයි. පසුගෙවුම් පාරිභෝගිකයින් සදහා මේ Data Plan එක දින 14න් 14ට ස්වයංක්‍රීයවම නැවත සක්‍රීය වෙන අතර ලබා දෙන 5GB Data ප්‍රමාණය භාවිත කල පසු අවශ්‍ය නම් නැවත ඕනැම අවස්ථාවක සක්‍රීය කර ගැනිමේ හැකියාව ද පවතිනවා.

ඒ වගේම Digital Topup ක්‍රමයන් හරහා මේ Data Plan එක සක්‍රීය කර ගන්නා පෙර ගෙවුම් පාරිභෝගිකයින් සදහා දින 30ක වලංගු කාලයක් මේ Data Plan එක සදහා ලබා ගත හැකි වෙනවා. මේ සඳහ ඔබට ලබා දෙන්නේ 1Mbps වේගයක් වන අතර ඔබට භාවිතා කල හැකි වන්නේ SD quality එක පමණි.

Source: TRCSL

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara