Apple Music Sing නමින් නව karaoke විශේෂාංගයක් Apple Music සඳහා හඳුන්වා​දේ

Apple music වෙතින් “Apple Music Sing” නමින් නවතම karaoke feature එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර මේ හරහා Apple Music භාවිතා කරන්නන්ට තමන් කැමති ගීතයක් වාදනය වන අතරතුර එය ගායනා කිරීමටද හැකියාව ලැබෙනවා.

Apple Music Sing නමින් නව karaoke විශේෂාංගයක් Apple Music සඳහා හඳුන්වා​දේ

Apple Music වෙතින් “Apple Music Sing” නමින් නවතම Karaoke Feature එකක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර මේ හරහා Apple Music භාවිතා කරන්නන්ට තමන් කැමති ගීතයක් වාදනය වන අතරතුර එය ගායනා කිරීමටද හැකියාව ලැබෙනවා. මෙහිදී ද Spotify Karaoke මෙන් Vocal Levels Adjust කිරීමට ඇති පහසුකම ද Apple Music වෙතින් පරිශීලකයන්ට ලබා දී ඇත.

Apple Music New Karaoke Mode via engadget.com

එමෙන්ම මේ හා සමගාමීව Karaoke සඳහා ම වෙන වූ විශේෂිත Playlist 50ක් ද ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබීම විශේෂත්වයක්. මේ සමග පරිශීලකයන්ට යුගල ගායනා සහ Backup Vocals වුවද ගායනා කිරීමට පහසුකම් ලැබෙනවා. විශේෂයෙන් ම Backup Vocals සඳහා Main Vocals වලින් වෙන්වුණු, Backup Vocals සඳහා වන Lyrics වෙනම Animate වීමක් සිදු වනවා.

මෙහිදී Apple Music Sing karaoke Feature එක Party වැනි උත්සව අවස්ථාවන් සඳහා ඉලක්ක කර ඇති අතර Spotify වල ඇති Lyrics Singing “Game” එකෙන් මෙය බොහෝ සෙයින් වෙනස් වනවා. Spotify විසින් අප ගායනා කරන අතරතුර දී එය Record කර ඊට Score එකක් ලබා දීම සිදු වන අතර ඒ සඳහා අපගේ Microphone එක භාවිතා වීමක් සිදු වනවා. නමුත් Apple විසින් මෙහිදී පවසන අන්දමට Apple Music Sing විසින් කිසිදු ආකාරයක Microphone එක භාවිතා වීමක් සිදු නොවනු ඇති.

මෙම පහසුකම මෙම දෙසැම්බර් මස අවසාන වන විට දී ලොව පුරා iPhone, iPad හා Apple TV 4K Streaming Box හරහා Apple Music streaming service එක භාවිතා කරන්නන්ට ලැබෙනවා. කෙසේ වෙතත් Apple Music සඳහා වන Android යෙදුම සඳහා ද Real-time Lyrics පහසුකම ලැබෙන නමුත් Vocal Levels Adjust කිරීමට ඇති පහසුකම නොලැබෙනු ඇත.

Sources: cnet.com engadget.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna