Airtel විසින් ඕනෑම ජාලයකට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගත හැකි නව පැකේජ දෙකක් හදුන්වා​දේ

Airtel විසින් ඕනෑම ජාලයකට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගත හැකි නව පැකේජ දෙකක් හදුන්වා​දේ

Airtel සමාගම විසින් ඔවුන්ගේ Prepaid පාරිභෝගිකයන් සදහා නවතම Freedom පැකේජ දෙකක් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මේ පැකේජ්යන් දෙක සදහාම Unlimited Calls ලබා ගැනිමේ හැකියාව සමග තෝරාගත් සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් සදහා Unlimited Data ද ලබා දි තිබෙනවා.

ඒ අනුව බදු සහිතව රැ.749.00 හා රැ.1249.00 මුදලකට දවස් 30ක් සදහා වලංගු වෙන ලෙසට මෙම පැකේජයන් තෝරා ගැනිමේ හැකියාව ඔබට ලැබෙනවා.

රැ.749.00 ( බදු සහිතව )

මෙම පැකේජය මගින් ඕනැම ජාලයක් සදහා Unlimited Calls ගැනිමේ හැකියාව ලැබෙන අතර දින 30ක් පුරාවටම එක් දිනකට 1GB 4G Anytime Data ප්‍රමාණයක් ද මේ පැකේජය ඔස්සේ ලබා ගන්න පුලුවන්. Facebook, Youtube, WhatsApp හා Facebook Messenger සදහාත් SD Quality එක යටතේ Unlimited Data ලබා දී තිබෙනවා.

මෙම පැකේජ්ය සමගින් අමතරව Airtel ජාලය තුල SMS 1000ක ප්‍රමාණයක් සහ වෙනත් ජාල සදහා SMS 50ක ප්‍රමාණයකුත් ලබා දි තිබෙනවා. මෙය දවස් 30ක වලංගු කාලයකින් යුතු වෙනවා.

රු.1249.00 ( බදු සහිතව )

මෙම පැකේජය මගින් ඕනැම ජාලයක් සදහා Unlimited Calls ගැනිමේ හැකියාව ලැබෙන අතර දින 30ක් පුරාවටම එක් දිනකට 2GB 4G Anytime Data ප්‍රමාණයක් ද මේ පැකේජය ඔස්සේ ලබා ගන්න පුලුවන්. Facebook, Youtube, WhatsApp හා Facebook Messenger සදහාත් SD Quality එක යටතේ Unlimited Data ලබා දී තිබෙනවා.

මෙම පැකේජ්ය සමගින් අමතරව Airtel ජාලය තුල SMS 1000ක ප්‍රමාණයක් සහ වෙනත් ජාල සදහා SMS 50ක ප්‍රමාණයකුත් ලබා දි තිබෙනවා. මෙය දවස් 30ක වලංගු කාලයකින් යුතු වෙනවා.

මෙලෙස Airtel සමාගම විසින් අලුතින් හදුන්වා දුන් මෙම පැකේජ් මේ වෙන විට Airtel පාරිභෝගිකයන් හට ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

Source: TRCSL

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna