Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Neuralink ව්‍යාපෘතිය ඔස්සේ අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දිය හැකි බව Elon Musk ප්‍රකාශ කරයි

Android වැඩකාරයෝ අපිත් සමඟ එකතු වී සිටින ඔබ නම් මේ වන විට හොදින්ම දන්නවා Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය කියන්නේ මොක්කද යන්න. ඒ වගේම ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පමණ පෙර මේ ව්‍යාපෘතිය ආධාරයෙන් මනසෙන් චෙස් සහ පරිගණක ක්‍රීඩා කරන පුද්ගලයෙකු පිළිබඳවත් අප ඔබ වෙත තොරතුරු වාර්තා කරනු ලැබුවා.

VivaTech සමඟින් පැවතුන Q&A session එකකදි ඔහු විසින් සඳහන් කර තිබෙන්නේ මේ Neuralink ව්‍යාපෘතිය ඔස්සේ ඉදිරියේදී අන්ධ පුද්ගලයින් සඳහා නැවත පෙනීම ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව උපතින්ම අන්ධ හෝ පසුව ඇස් පෙනීම අහිමිව යන පුද්ගලයින් සඳහා සෘජුවම මොලයේ දෟෂ්ටික සංවේදී ප්‍රදේශ සමඟ Neuralink පද්ධතිය අන්තර් සම්බන්ධ විය හැකි වන අතර ඒ ඔස්සේ පෙනිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි මෙහිදි Elon Musk විසින් දක්වා තිබෙනවා.

"which will enable people who have lost both eyes or have no eyesight whatsoever to see…and this is directly interfacing with the optical processing areas of the brain."

පසුගිය වසරේදී මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි වීමත් සමඟ ඉදිරියේදී ඔවුන් විසින් මිනිස් ජිවිතයේ විශාල පෙරලියක් සිදු කළ හැකි මෙයත් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: vivatechnology.com www.businesstoday.in

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna