මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි ​වේ

Neuralink හි පළමු මිනිස් අත්හදා බැලීම් සඳහා FDA මඟින් අනුමැතිය ලැබී ඇති බවට ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට Neuralink සමාගම කටයුතු කර තිබෙනවා.

මානව අත්හදා බැලීම් සඳහා Neuralink ව්‍යාපෘතියට FDA අනුමැතිය හිමි ​වේ

Elon Musk විසින් Neuralink නමින් හැඳින්වෙන brain-computer interface එකක් නිර්මාණයට කටයුතු කරමින් සිටින බවට මීට වසර කිහිපයකට කලින් අප තොරතුරු රැගෙන ආවා ඔබට මතක ඇති. එමෙන්ම පසුගිය වසරේදී එහි සැබෑ මානව අත්හදා බැලීම් සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන සභාව(USFDA) සමඟ සාකච්ඡා පැවැත්වීමට ඔවුන් කටයුතු කරමින් සිටි බවද අප වාර්තා කළා.

ඒ අනුව Neuralink හි පළමු මිනිස් අත්හදා බැලීම් සඳහා FDA මඟින් අනුමැතිය ලැබී ඇති බවට ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට Neuralink සමාගම කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් Neuralink මඟින් දැනටමත් ඌරන් සහ වඳුරන් වැනි සතුන් යොදාගෙන ‌මෙම පර්යේෂණ කටයුතු සිදු කර තිබෙනවා. 2020 වසරේදී Elon Musk විසින්, වඳුරෙකුට මෙසේ Neuralink චිපයක් ඇතුළු කොට වඳුරා තම මනසින් ක්‍රීඩාවක් සෙල්ලම් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා.

Elon Musk's Neuralink monkey play video games with his brain

නමුත් Neuralink හි අවසාන ඉලක්කය වන්නේ මිනිසුන් මත එහි තාක්ෂණය පරීක්ෂා කිරීමයි. ඒ අනුව FDA විසින් ලැබුණු අනුමැතිය සමඟ සමාගම පවසන්නේ මුලින් අන්ධභාවය, අංශභාගය හෝ කොඳු ඇට පෙළේ ආබාධ වැනි දරුණු ආබාධ සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරන බවයි.

එමෙන්ම Neuralink සමාගම පවසා සිටින්නේ ඔබට මෙම අත්හදා බැලීම් කටයුතු සඳහා සම්බන්ධ වීමට අවශ්‍යයි නම් තවමත් එයට පිවිසීමට නොහැකි බවයි. මේ සඳහා බඳවා ගැනීම් තවමත් විවෘත නොමැති බවත්, නමුත් ඉක්මනින්ම ඒ පිළිබඳ විස්තර ගෙන ඒමට කටයුතු කරන බවත් ඔවුන් පවසනවා.

කෙසේවෙතත් ඇතැම් පාර්ශ්ව Neuralink හි ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳවද අනතුරු ඇගයීම් සිදුකරනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය නිසා විශ්වසනීයත්වය පිළිබඳ ගැටළු, අනවසරයෙන් ඇතුළුවීමේ හෝ හැසිරවීමේ හැකියාව, මිනිස් පෞද්ගලිකත්වය හා ස්වාධිපත්‍යය අහිමි වීම, මානව අනන්‍යතාවය බිඳ වැටීම වැනි ගැටළු රාශියක් පැනනැඟිය හැකි බවයි.

මේ පිළිබඳව ඔයා හිතන දේත් Android වැඩකාර​යෝ අපිට කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

Sources: The Verge Digital Trends

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna