ස්පීකර්, හෙඩ්සෙට් කිසිවක් නොමැතිව මොළය තුළින් ගීත අහන්න, Elon Musk ගෙන් Chip එකක්

ස්පීකර්, හෙඩ්සෙට් කිසිවක් නොමැතිව මොළය තුළින් ගීත අහන්න, Elon Musk ගෙන් Chip එකක්

අප කවුරුත් දන්නා Elon Musk යටතේ නිපදවීමට යන Neuralink චිපයෙන් සෘජුවම මොළය වෙත ගීත stream කිරීමේ හැකියාව ලැබෙන බව අනාවරණය වී ඇත. මෙය brain-computer interface ලෙස හැඳින්වෙන අනාගත පරම්පරාවට අයත් පරිගණක මෙවලමකි.

මේ දිනවල Elon Musk විසින් මෙම චිපය පිළිබඳ තොරතුරු Twitter ඔස්සේ කෙමෙන් කෙමෙන් හෙළි කරමින් පවතී. ඉදිරි මාසය තුළ මෙම චිපය ගැන නව තොරතුරු රැසක් හෙළි කිරීමට බලාපොරොත්තු වේ.

පරිගණක විද්‍යාඥයකු වන Austin Howard ට පිළිතුරු දෙමින් Elon Musk තහවුරු කළේ මෙම චිප හරහා සෘජුව ගීත ශ්‍රවණය කළ හැකි බවයි.

එමෙන්ම, ඔහු පවසා සිටියේ මෙම චිපය මඟින් ශරීරයේ හොමෝන මට්ටම් අවශ්‍ය පරිදි පාලනය කළ හැකි බවයි. එම හැකියාව නිසා මානව හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සාංකාව ආදියෙන් සහනය ලැබීමට හැකි බවයි.

Neuralink චිපයේ පර්යේෂණ ඇරඹි 2016 සිට අද දක්වා මෙහි ක්‍රියාකාරිත්වය මහජනයා වෙත ප්‍රදර්ශනය කර ඇත්තේ එක් වරක් පමණි. එම 2019 වසරේ පැවති උළෙලේදී Elon Musk කියා සිටියේ, "මහන මැෂිමක් වැනි" යන්ත්‍රයක් ඔවුන් නිපදවමින් සිටින බවත්, එය හරහා පරිගණකයක් සහ මොළය තුළ ස්ථාපිත චිපයක් අතර සෘජු සන්නිවේදනය ගොඩනඟා ගත හැකි බවත් ය.

මෙම තාක්ෂණයේ මූලික අරමුණ වූයේ Parkinson’s වැනි මොළය ආශ්‍රිත රෝග සඳහා පිළියම් සෙවීම වුවත්, ඔහු පවසන ආකාරයට, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනාගත කෘතිම බුද්ධිය සමඟ තරඟ කිරීමේ හැකියාව මිනිස් මොළයට ලබා දීමයි.

මෙම චිපය මොළයේ ස්ථාපනය කරගැනීම Lasik ලේසර් කිරණ අක්ෂි සැත්කම කිරීම හා සමාන බවයි Elon Musk පවසන්නේ. මෙම ක්‍රියාවලියට ස්නායු ශල්‍ය වෛද්‍ය රොබෝවෙකුගේ ද සහාය ලබා ගනී.

පර්යේෂණ පත්‍රිකාවක විස්තර වන ආකාරයට, මෙම උපකරණය හරහා, එක් USB-C කේබලයක් මඟින් මොළය වෙත සම්පූර්ණ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කළ හැකිය.

Neuralink ව්‍යාපෘතිය වෙත යාන්ත්‍රික ඉංජිනේරුවරුන්, රොබෝ මෘදුකාංග ඉංජිනේරුවරුන් සහ පටක විද්‍යා තාක්ෂණවේදීන් අලුතින් බඳවාගන්නා බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ දැක්වේ.

පසුගිය දින වලදී Elon Musk විසින් Twitter පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සිරුරේ පළඳින ඉලෙක්ට්‍රොනික උපාංග, ජංගම දුරකථන ආදියෙහි විශේෂඥයින් Neuralink ව්‍යාපෘතියට බඳවාගන්නා බවයි.

එමෙන්ම, Neuralink චිපය මඟින් විශාදය සහ ඇබ්බැහිවීම් වලට අදාළ මොළයේ කොටස් නැවත සැකසීම මඟින් ඒවාට ප්‍රතිකාර ලබාදිය හැකි බව Elon Musk හඟවා තිබුණි.

සත්ත්වයින් යොදාගනිමින් මේ වන විටත් මෙම චිපය පරීක්ෂා කර ඇති අතර, මෙම වසරේ දී මානව පරීක්ෂණ ද අරඹන බව සඳහන්. මෙම තොරතුරු ඉදිරියේදී මහජනයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ පිළිබඳ තවත් තොරතුරු අගෝස්තු මස 28 වන දින හෙළි කරනු ඇත.

Source - independent.co.uk

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara