ඉදිරියේදී Netflix හි Password Sharing පහසුකම නවතින ලකුණු

Netflix නැරඹීමේදී ලබාගත යුතු වන Subscription සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී Netflix වෙතටම සිදුකළ යුතු බවයි. එනම් වෙනත් පාර්ශවයන් සමග බෙදාගන්නා Password (Password Sharing) භාවිතා කර Netflix භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් සූදානම් බව සඳහන් කරයි.

ඉදිරියේදී Netflix හි Password Sharing පහසුකම නවතින ලකුණු

මේ වන විට ලොව පුරා සිනමා රසික රසිකාවියන් විශාල ප්‍රමාණයක් දිනෙන් දින අලුත්වන සිනමා නිර්මාණ පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ඒවා නැරඹීමටත් ඉහළ ප්‍රවණතාවයක් පෙන්වනු ලබයි. එලෙස ලොව ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණය කරන්නාවූ මෙන්ම විකාශය කරන්නාවූ සමාගමක් වන Netflix ආයතනය මගින් සිය පරිශීලකයන් වෙත පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී. එහි සඳහන් වූයේ Netflix නැරඹීමේදී ලබාගත යුතු වන Subscription සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී Netflix වෙතටම සිදුකළ යුතු බවයි. එනම් වෙනත් පාර්ශවයන් සමග බෙදාගන්නා Password (Password Sharing) භාවිතා කර Netflix භාවිතා කිරීම තහනම් කිරීමට ඔවුන් සූදානම් බව සඳහන් කරයි.

Source: indiatoday.in

මේ පිළිබඳව අදහස් දැක්වීම සිදුකර ඇත්තේ Netflix සමාගමේ සම-ප්‍රධාන විධායක නිලධාරීන් වන Greg Peters සහ Ted Sarandos විසිනි. Netflix ආයතනය සලකන විට ලොව පුරා මිලියන 200 කට අධික ප්‍රමාණයක පරිශීලක සංඛ්‍යාවක් භාවිතා කරනු ලබන මාධ්‍යයක් වන අතර ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුනගේ Subscriber ලබාගැනීමේදී අදාල ගෙවීම් වෙනත් පාර්ශවයන් වෙත සිදුකර Password Sharing මගින් Netflix නැරඹීම සිදුකරයි. මෙය එම ආයතනය වෙත සැලකිය යුතු අලාභයක් ඇති කරන බවත් එම නිසා ඔවුනගේ ගුණාත්මකභාවයට හානි වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

CBS News on Twitter

මේ වන විට ලොව පුරා විශාල ප්‍රමාණයක පරිශීලකයන් මෙවැනි වෙළඳපොළේ පවතින Password Sharing පහසුකම ලබාගැනීම ඔවුනගේ ඉදිරි කටයුතු සඳහා තරමක බාධාවක් වන බවත් ඒ අතරින් ඉන්දියාව තුළ සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාමත් පුළුල්ව ව්‍යාප්ත වීම නිසා විශාල අලාභයක් සමාගම වෙත ඇතිවන බවත් ඔවුන් සඳහන් කර සිටී.

Source: cnet.com

මෙම Password Sharing පිළිබඳව අප රට තුළ ද මෑතකාලීනව තරමක් ජනප්‍රිය මාතෘකාවක් වූ අතර ඒ මත ඇතිවූ විශාල අන්දමේ අනීතික ක්‍රියාද ඔබ අත්දකින්නට ඇත. එලෙස තිබියදීද විශාල ප්‍රමාණයක පරිශීලකයන් ප්‍රමාණයක් එම සේවාව ලබාගන්නා නමුත් ආයතින වශයෙන් එය තරමක ආර්ථිකමය මරු පහරකි.

එයට කදිම නිදසුන වන්නේ Netflix සමාගමේ 2022 වසරේ පළමු කාර්තුව වන විට Subscriber ප්‍රමාණයෙන් 200,000 කට ආසන්න ප්‍රමාණයක් මෙම Password Sharing පහසුකම ලබාගත් හේතුවෙන් ඔවුනට අහිමි වූ බවයි. මෙය සමාගමක් වශයෙන් ඉතා විශාල ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය කරන බැවින් මෙම Password Sharing සඳහා Netflix සමාගම නියත වශයෙන්ම තිත තබන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Sources: theverge.com theguardian.com cbsnews.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna