NetBeans වල Intellisense ඔන් කරමු

NetBeans වල Intellisense ඔන් කරමු

සුභ දවසක්. මම ගෙනාවා Java code NetBeans වල programing කරන අයට වැදගත් දෙයක්.

Java ඉගෙනගන්න කවුරුත් මුලින්ම කෝඩ් කරන්නේ මේ Apache NetBeans එක ඇතුලේ තමයි. ඒත් මේ NetBeans එකේ code කරද්දි default එන settings ටික නම් ටිකක් අමාරුයි. මොකද අපි හැම වචනයක්ම මතක තියාගෙන හරියටම අකුරු ඒකේ ගැහුම තමයි එයාලා ඒක හරි වචනේ කියල ඒක අදුර ගන්නේ. මේකේ එක අකුරක් ගැහුවට අනෙක් ඒවා වගේ යටට suggestions එන්නේ නෑ. ඔන්න ඔය ගැටලුව හදාගන්න හැටි ගොඩක් අය දන්නෙ නෑ. අද මම කියන්නේ කොහොමද මේක හරියටම හදාගන්නේ කියල.

මුලින්ම Apache NetBeans on කරගන්න. ඊට පස්සේ උඩම තියෙන Tools වල යටම තියනවා Options කියල එකක්. ඔන්න ඕක Click කරහම එනවා Option Window එක.

Tools --> Options

ඒකේ උඩම තියනවා Editor කියල එකක්. ඒක click කරහම තව menu කිහිපයක්ම බලාගන්න පුලුවන්. ඒකෙ තියනවා Code Completion කියල එකක්. අන්න ඒක Click කරන්න.

දැන් එතන තියනවා Language කියලා. එතනින් Java තෝරල දීලා යට තියනවා Auto Popup on Typing Any Java Identifier Part කියන එකට tik එකක් දාලා OK කරන්න.

දැන් ටයිප් කරන හැම අකුරක් ගානෙම ඒවට හරියන java part එක යටින් එනවා. මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා.

ඒනම් අදට අපි සමුගන්නවා. අඩුපාඩු සහ අදහස් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara