අඟහරුගේ ජීවය සොයා යන Mars 2020 මිෂන් එක

අඟහරුගේ ජීවය සොයා යන Mars 2020 මිෂන් එක

Nasa එකේ Mars Exploration Program එක යටතේ ක්‍රියාත්මක වන මේ මිෂන් එකෙන් Perseverance කියන රෝවර් එකයි, Ingenuity කියන හෙලිකොප්ටර් ඩ්‍රෝන් එකයි තමයි අඟහරු වලට යැව්වේ.

මිශන් එකේ සියලුම වගකීම දරන්නේ Nasa එකේ Jet Propulsion Lab එක.

2020 ජූලි 30 දින ලංකාවේ වෙලාවෙන් ප.ව.4.30 ට විතර තමයි takeoff එක කලේ. ඒ කැනවරල් තුඩුවේ SLC-41 Launch Complex එකෙන්.

Perseverance එකයි, Ingenuity එකයි අඟහරු වලට ගෙනියන්නේ Atlas V 541 රොකට් එක. මේක බාන්න ප්ලෑන් කරලා තියෙන්නේ අඟහරු වල Jezero කියන ආවාටය උඩට. ඒ 2021 පෙබරවාරි 18. මේ ආවාටයේ තමයි අර ප්‍රසිද්ධ අඟහරු "ගංගා ඩෙල්ටාව" තියෙන්නෙත්.
ඒ කියන්නේ අඟහරුවලට යන්න දවස් 204ක් යනවා.

මේ Mars 2020 මිෂන් එක පෘථිවි දවස් 687ක් දිගයි. ඒ ටිකේ තමයි අඟහරු මතුපිට ඔක්කොම වැඩ ටික කරගන්න ඕනේ.

මේ මිෂන් එකේ මූලික වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 46,306ක්.

අඟහරු වල ජීවය ගැන කෙරෙන පරීක්ෂණ වල තවත් එක් දිගුවක් හැටියට තමයි Perseverance රෝවර් එක මිෂන් එකට එකතු වෙන්නේ. මෙහිදී එකතු කරන සාම්පල සියල්ල අනාගතයේ දවසක ක්‍රියාත්මක කරන්න ප්ලෑන් කරන Mars Sample-Return මිෂන් එකෙන් පෘථිවියට එවන තෙක් (මිශන් එක පටන් ගන්නේ 2026 දී - සාම්පල් එකතු කරගන්නේ 2029 දී - පෘථිවියට එන්නේ 2031 දී) පරිස්සමින් ගබඩා කර තබාගැනීමේ වගකීමත් තියෙන්නේ Perseverance රෝවර් එකට.

2011 අඟහරුවලට යවපු Curiosity රෝවර් එකේ ඩිසයින් එක පාවිච්චි කරලා හදපු Perseverance රෝවර් එකේ අඩංගු සුවිශේෂීම උපකරණයක් තමයි අඟහරු පෘෂ්ඨය හාරන්න හදන Core Drill එක.

Multi-Mission Radioisotope Thermoelectric Generator (MMRTG) කියන න්‍යෂ්ටික ශක්තිය නිපදවන ජෙනරේටරයෙන් තමයි රෝවර් එක වැඩ කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ Plutonium dioxide මූලික කරගෙන.

Ingenuity කියන හෙලිකොප්ටර් ඩ්‍රෝන් එකේ වැඩේ තමයි Perseverance රෝවර් එකට අඟහරු උඩ ගමන් කරන මාර්ගය ප්ලෑන් කරන එක. ඊට අමතරව ඒ ලැබෙන ඩේටා අනාගත මිශන්ස් වලට පාවිච්චි කරන්න ප්ලෑන් එකකුත් තියෙනවා.

Ingenuity එක වෙලාවක පියාසර කරන්නේ උපරිම විනාඩි 3යි. ඒත් මීටර් 5ත් 10ත් අතර උසකින්. මීටර් 600ක් විතර දුරක් එක පාරකට කවර් කරගන්න තමයි අදහස.

මේ Mars 2020 මිනිස්සු අතර ජනප්‍රිය කරවන්න තමයි "Send Your Name to Mars” කැම්පේන් එක පටන් ගත්තේ. ඒකේ තමයි ඔයාලා හැමෝම අහලා තියෙන, දැකලා තියෙන, ගොඩක් අය ශෙයා කරපු අඟහරු යන බෝඩින් ටිකට් එකේ සීන් එක තියෙන්නෙත්.

මිෂන් එකේ තව විස්තර එක්ක නැවත හමුවෙමු...

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara