NASA හි Perseverance රෝවරය අඟහරු මතදී ඔක්සිජන් නිපදවයි

වෙනත් ග්‍රහලොවක් තුළදී මුල්වටරට Oxygen නිපදවීමට අඟහරු මත ක්‍රියාත්මක NASA Perseverance රෝවරය සමත් වී තිබෙනවා.

NASA හි Perseverance රෝවරය අඟහරු මතදී ඔක්සිජන් නිපදවයි

වෙනත් ග්‍රහලොවක් තුළදී මුල්වටරට Oxygen නිපදවීමට අඟහරු මත ක්‍රියාත්මක NASA Perseverance රෝවරය සමත් වී තිබෙනවා.

NASA ආයතනය නිවේදනය කරන පරිදි රෝවරය තුළ අඩංගු MOXIE නම් උපකරණය මඟින් අඟහරු තුළදී මුල් වරට Oxygen නිපදවීමට වී තිබෙනවා. මෙහිදී Oxygen 122g ක් මෙම උපකරණය මඟින් නිපදවා තිබූ අතර එය කුඩා ප්‍රමාණයේ සුනඛ පැටවෙක් සඳහා පැය 10ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් බව NASA ආයතනය පවසනවා.

MOXIE (Mars Oxygen In-situ Resource Utilization Experiment) - NASA

අඟහරු ග්‍රහයාගේ වායුගෝලය 96%ක් Carbon dioxide වායුවෙන් සමන්විත අතර මෙය මිනිසාට හිතකර නොවේ. Perseverance රෝවරයේ ඇති MOXIE නම් කොටස මඟින් තුනී වායුගෝලයේ ඇති මෙම Carbon dioxideහි Oxygen පරමාණු වෙන් කර ගැනීමේ හැකියවක් පවතින අතර එයට පැයක් තුළදී Oxygen 128g නිපදවීමට හැකියාවක් පවතී. මෙම ඓතිහාසික මට්ටමේ පරීක්ෂණයේ සාර්තකත්වය නිසා නුදුරු අනාගතයේ අඟහරු හෝ සඳ මත ජනාවාස ඉදිකිරීම සඳහා Oxygen නිපදවීමේ හැකියාව තහවුරු කරන බව NASA ආයතය සඳහන් කරයි.

අනාගතයේදී මෙම තාක්ෂණය භාවිතා කරමින් වෙනත් ග්‍රහලොවක් තුල Oxygen සංචිත ගොඩ නැගීමට අවස්තව හිමිවන බව පවසයි. මෙම නිසා වෙනත් ග්‍රහලොවක් තුලදී Rocket Launch කිරීම සඳහා භාවිතා කිරීමේ අවස්තාව හිමිවන බවද පවසා තිබෙනවා. මෙය මිනිසා බහු ග්‍රහලෝක ජීවියෙක් බවට පත් කිරීම සඳහා මේ දක්වා ලබා ගත් තීරනාත්මක ජයග්‍රහනයක් බවයි NASA විද්‍යාඥයන් පවසනවා.

Source: space.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara