අභ්‍යවකාශයේ දී ජිම් යන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ම දිනකට පැය දෙකක් දක්වා විවිධ ව්‍යායාම සඳහා කාලය වැය කරයි.

අභ්‍යවකාශයේ දී ජිම් යන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ම දිනකට පැය දෙකක් දක්වා විවිධ ව්‍යායාම සඳහා කාලය වැය කරනු ලබනවා. මන්ද යත් දිගු අභ්‍යවකාශ ගුවන් ගමන් වලදී සිදුවන භෞතික පරිහානිය වැලැක්වීම සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වන අතර ගගනගාමීන්ට නැවත පෘථිවියට පැමිණෙන විට සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයට නැවත හැඩගැසීමටද එය උපකාරී වනවා.

පෘථිවියේ නිශ්චලව සිටින විට මිනිස් ශරීරය ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ වන අතර එහිදී ඉරියව්ව පවත්වා ගැනීම සඳහා මාංශ පේශි සහ අස්ථි ශරීරයට ආධාර කරනු ලබන අතර අභ්‍යවකාශයේදී එම තත්ත්ව හාත්පසින්ම වෙනස් වනවා. අභයවකාශයේදී ගුරුත්වාකර්ශණය නොමැති තරම් වන අතර ඒ අනුව ශරීරයට ආධාර කිරීමට මාංශ පේශි සහ අස්ථි අවශ්‍ය නොවේ. එමනිසා ව්‍යායාම කිරීම ගගනගාමීන්ගේ මාංශ පේශි සහ අස්ථි ශක්තිමත් කිරීමය උපකාරී වේ.

මේ සඳහා ගගනගාමීන් පුහුණු කිරීම සඳහා ප්‍රතිරෝදක ව්‍යායාම උපකරණ සහ Treadmill සහ Ergometer වැනි ව්‍යායාම උපකරන භාවිතා කරමින් දිනකට පැය දෙකක පමණ කාලයක් ව්‍යායාම කරනු ලබනවා. Ergometer යනු රෝද නොමැති බයිසිකලයක් වැනි උපකරණයක් වන අතර එහිදී පැඩල් කිරීමේ ශක්ති ප්‍රමාණය වෙනස් කරමින් ව්‍යායාම කළ හැකි වනවා.

මේ සඳහා ප්‍රතිරෝදක ව්‍යායාම උපකරණ සමඟ රික්තක සිලින්ඩර් භාවිතා කරනු ලබන අතර එමඟින් පෘථිවියේ මෙන් ව්‍යායාම කළ හැකි වනවා. Treadmill මත ගගනගාමීන් ඉවතට පාවී නොයන ලෙස රබර් පටි(Elastic Bungee Cords) භාවිතයෙන් තම සිරුර පහලට ඇද තබා දිව යා හැකියි.

මෙහිදී ගගනගාමීන්ගේ හෘද ස්පන්දන වේගය සහ අනෙකුත් වැදගත් තොරතුරු පරිගණක මඟින් පාථිවියේ සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කරන අතර ඔවුන්ගේ යෝග්‍ය තත්ත්වය කෙතරම් වෙනස් වී ඇත්දැයි සොයා බලනු ලබන අතර අවශ්‍ය නම්, ඔවුන්ගේ ව්‍යායාම වැඩසටහන් වෙනස් කිරීමට උපදෙස් ලබා දෙනවා.

ඒ අනුව අභ්‍යවකාශය තුළ සිටින් ගගනගාමීන්ට ව්‍යායාම යනු අත්‍යාවශ්‍ය දෙයක් ලෙස දක්වන්න පුලුවන්.

Source: esa.int

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna