මා සතු කිසිදු Doge Coin එකක් විකුණන්නේ නැත, Elon Musk ප්‍රකාශ කරයි

මා සතු කිසිදු Doge Coin එකක් විකුණන්නේ නැත, Elon Musk ප්‍රකාශ කරයි

මෑතකදී, ටෙස්ලා (Tesla) හි ප්‍රධාන විධායක නිලධාරි ඉලොන් මස්ක් (Elon Musk)  විසින් කරන ලද එක් ට්විටර් පණිවුඩයක් මඟින් වඩාත් ජනප්‍රිය Crypto මුදලක් වන බිට්කොයින් හි වටිනාකම මෙම වසර මුලදී පෙර නොවූ විරූ වෙළඳපල අගයක් කරා ළඟා වීමෙන් පසු පහත වැටුණි.

ලොව දෙවන ධනවත් පුද්ගලයා වන ඉලොන් Doge coin පිළිබඳව පල කල යම් යම් ට්විටර් පණිවුඩ, ගුප්ත කේතන මුදලක් වන Doge coin ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව විය. දැන්, බිට්කොයින් කඩාවැටීමෙන් පසුව, ඉලොන් මස්ක් නැවතත් Doge coin කෙරෙහි අගය පෙන්වූ අතර, ඔහු කියා සිටියේ තමා සතු Doge coin වත්කම් කිසිඳු විටෙක විකුණන්නේ නැති බවයි.

ටෙස්ලා හි ආයෝජකයෙකු වන ඩේව් ලී (Dave Lee) මෑතකදී ට්විටර් පණිවිඩයක් බෙදාහදා ගනිමින් කියා සිටියේ “ඉලොන් කවදාවත් ඔහුගේ රදවාගෙන සිටින Doge coin Holds  විකුණනු ඇතැයි ඔහු නොසිතන” බවයි. මේ සඳහා ඉලොන් මස්ක් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා සතුව “කිසිදු Doge coin එකක් විකුණන්නේ නැති” බවයි. ඔබට ට්වීට් එක පහතින් බලන්න පුළුවන්.

දැන්, අපි දන්නේ නැහැ ඒලොන් මස්ක් විසින් මේ මත පදනම් වූ ගුප්තකේතන මුදල් සඳහා කොපමණ මුදලක් ආයෝජනය කර ඇත්ද කියා. කෙසේ වෙතත්, ඔහුගේ ට්වීට් එක අනුව, අපි දන්නවා ඉලොන් මස්ක් ඕනෑම වේලාවක ඔහුගේ Doge coin Holds ඉවත් නොකරන බව.

පසුගිය සතියේ දී, Teslaquila-maker නිෂ්පාදකයා Doge coin ගැන සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් බෙදා ගත් අතර එය Doge coin මුදල්වල වටිනාකම 15% කින් වැඩි කළ බව වාර්තා වේ. මෙයට පෙර, මස්ක් විසින් මැයි 19 වන බදාදා තවත් ට්වීට් එකක් බෙදාහදා ගත් අතර එහි සඳහන් වූයේ ටෙස්ලාට “දියමන්ති” (imoj) ඇති බවයි. මෑතදී බිඳවැටීමෙන් පසුව පවා විදුලි මෝටර් රථ නිෂ්පාදකයා සිය බිට්කොයින් ආයෝජනය රඳවා තබා ගන්නා බව මෙයින් ඇඟවුණි.

කෙසේ වෙතත්, Tesla සමාගම විසින් ගෙවීම් විකල්පයක් ලෙස මිට ඉහත දි පිළිගෙන තිබු බිට්කොයින් පිළිගැනීම නැවැත්වීය. එම නිසා මේ දින කිහිපයකට පෙරදි bitcoin අගය සැහෙන ලෙස පහත වැටුනි. නමුත් ඉලොන් ඒ වෙනුවට Doge coin වෙත මාරුවීමට බලාපොරොත්තුව සිටින බව පවසා ඇත.

Sources: Business Insider, Reuters

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna