2023 වන විට මුළු ඉන්දියාවටම අඩුව​ට 5G දෙන්න මුකේෂ් අම්බා​නි සූදානම් වේ

2023 වන විට මුළු ඉන්දියාවටම අඩුව​ට 5G දෙන්න මුකේෂ් අම්බා​නි සූදානම් වේ

මුකේෂ් අම්බානි යන නාමය අපට නුපුරුදු නොවන්නට හේතුව වන්නේ මොහු අසල්වැසි ඉන්දියාව තුල ඉතාමත් ප්‍රචලිත ප්‍රකෝටිපතියෙකු වන බැවිනි. පසුගිය දිනක ඉන්දියාවේ පැවති 6 වැනි ඉන්දීය ජංගම දුරකථන සම්මේලනයේදී (India Mobile Congress) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 5G සේවා නිල වශයෙන් ඉන්දියාව තුළ දියත් කරන ලදී.

එම අවස්ථාවට සම්බන්ධ වූ Reliance Industries සමාගමේ සභාපති වන මුකේෂ් අම්බානි පවසා ඇත්තේ 2023 වසර දෙසැම්බර් පමණ වන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා දැරිය හැකි මිලකට 5G සේවා ඉන්දියාව තුළ ලබා දිමට කටයුතු කරන බවයි.

Jio 5G සේවා දියත් කිරීමට සමගාමීව මුකේෂ් අම්බානි තවදුරටත් පවසන්නේ මෙම තාක්ෂණය සාමාන්‍ය ඉන්දියානුවන්ට දැරිය හැකි වන මෙන්ම එමගින් උසස් අධ්‍යාපනයක්, නිපුණතාවයන් සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ගම්බද ප්‍රදේශයන් සදහා ද ලබාදීමට මහත් පිටුවහලක් වන බවයි. ඉන්දියාව අනෙකුත් රටවල් වලට සාපේක්ෂව තරමක් ප්‍රමාද වූවත් ඔවුන් මෙය අවසන් කරන්නේ උසස් තත්ත්වයේ සහ සෑම පුද්ගලයෙකුටම දැරිය හැකි මිලකට ලබා ගත හැකි සේවාවක් සපයමින් බව වැඩිදුරටත් ඔහු විසින් දක්වා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා Reliance සමාගම විසින් ඩොලර් මිලියන 24.6 ක පමණ මුදලක් ආයෝජනය කර ඇති අතර පෙර පැවති 4G ජාලය මත රඳා නොපවතින ස්වාධීන 5G සේවාවක් නිර්මාණය කිරීම මෙහිදි සිදු වනවා.  

Sources

Hindustan Times, Financial Express

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna