Microsoft සමාගම විසින් මීලඟ Windows පරිගණක සඳහා Pluton security chip හඳුන්වා දෙයි

Microsoft සමාගම විසින් ඉදිරියේදී Windows බලයෙන් ක්‍රියාත්මක වන පරිගණක සඳහා නව security chip එකක් පසුගියදා එලිදැක්වුවා.

Microsoft සමාගම විසින් මීලඟ Windows පරිගණක සඳහා Pluton security chip හඳුන්වා දෙයි

අපි හැමෝම දන්න Windows මෙහෙයුම් පද්ධතිය නිපදවන Microsoft සමාගම විසින් ඉදිරියේදී Windows මෙහෙයුම් පද්ධතිය හරහාන් ක්‍රියාත්මක වන පරිගණක සඳහා නව security chip එකක් පසුගියදා එලිදැක්වුවා. Microsoft Pluton ලෙස හැදින්වෙන මෙම චිපය අනාගතයේදී Intel, AMD, Qualcomm වැනි සමාගම් වල CPU එක තුලම ගොඩනංවා පැමිණේවි.

මේ අනුව, Cryptocurrency keys හා Hardware ආරක්ෂා කිරීම සඳහා දැනට භාවිතා කරන Trusted Platform Module (TPM) වෙනුවට ඉදිරියේදී මෙම Pluton චිපය replace කරන බව තවදුරටත් දැක්වේ. Microsoft සමාගම පවසන ආකරයට පරිගණක පද්ධතියට භෞතික ප්‍රවේශය ඇති හැකර්වරුන්ට පවා සංවේදී දත්ත සොරාගැනීම සඳහා දෘඩාංග ප්‍රහාර දියත් කිරීමට මෙමඟින් වඩාත් අපහසු වනු ඇති බවයි.

මෙම Microsoft Pluton නව තාක්ෂණයක් නොවන අතර එය 2013 දී Xbox One සඳහා ද භාවිතා කෙරුණි. පසුව එය Microsoft සමාගමේ Cloud service එක වන Azure Sphere මගින් අඩු වියදම් IoT උපාංග සඳහාද ලබාදෙන ලදී.

තවද,  Microsoft සමාගමේ David Weston මහතා පවසන ආකාරයට මෙම නව චිපය පෙරට වඩා හොඳ, ශක්තිමත්, වේගවත් හා ස්ථායි බවයි. මේ අනුව BitLocker encryption, Windows Hello authentication වැනි විශේෂාංග අනාගතයේ මෙම නව Pluton භාවිතය සඳහා මාරුවනු ඇත.

දැනට මෙම නව Pluton chips සහිත සහිත පරිගණක නිකුත්කරන කරන දිනයක් නියම කර නොමැති අතර Intel, AMD සහ Qualcomm වැනි සමාගම් මෙම චිපය ඔවුන්ගේ අනාගත CPUs සමග ඒකාබද්ධ කිරීමට එකඟ වී ඇත. එසේම Custom PC build සඳහාද මෙම තාක්ෂණය භාවිතා කල හැකි අතර ඉදිරියේදී Linux පරිගණක මෙහෙයුම් පද්ධතිය සඳාහාද මෙම තාක්ෂණය පැමිණේවි.

Source : GIZMOCHINA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara