T-Series නාලිකාව පසු කරමින් ලොව වැඩිම Subscribersලා සහිත නාලිකාව බවට Mr. Beast පත්වේ

Jimmy Donaldson එහෙම නැති නම් MrBeastගේ Youtube නාලිකාව ලොව වැඩිම Subscribers ප්‍රමාණයකට හිමිකම් කියන නාලිකාව බවට පත් වි තිබෙනවා.

T-Series නාලිකාව පසු කරමින් ලොව වැඩිම Subscribersලා සහිත නාලිකාව බවට Mr. Beast පත්වේ

Jimmy Donaldson එහෙම නැති නම් MrBeastගේ YouTube නාලිකාව ලොව වැඩිම Subscribers ප්‍රමාණයකට හිමිකම් කියන නාලිකාව බවට පත් වි තිබෙනවා. ඒ මිලියන 267ක Subscribers ප්‍රමාණයක් ලබා ගනිමින් මෙතෙක් ලොව වැඩිම Subscribers ප්‍රමාණයකට හිමිකම් කිවු ඉන්දියානු T-Series නාලිකාව පසු කරමිනුයි.

2019 වසරේදී T-Series නාලිකාව විසින් PewDiePie නාලිකාව පසුකර ලොව වැඩිම Subscribers ප්‍රමාණයක් සහිත නාලිකාව බවට පත් වු අතර 2023 වසරේදී MrBeast නාලිකාව ලබා තිබුණේ මිලියන 127ක පමණ Subscribers ප්‍රමාණයක් වන අතර ඒ වන විට T-Series නාලිකාව Subscribers මිලියන 233ක් පමණ ලබා තිබුණා.

කෙසේ වෙතත් අවුරුදු එක හමාරකට අඩු කාලයක් තුළ තවත් Subscribers මිලියන 100කට අධික ප්‍රමාණයක් ලබා ගනිමින් ලොව වැඩිම Subscribers ප්‍රමාණයකට හිමිකම් කියන YouTube නාලිකාව බවට MrBeast මේ වන විට පත් වි තිබෙනවා.

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka