ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් ප්‍රථම වරට 4G ජංගම දුරකථනයක්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් ප්‍රථම වරට 4G ජංගම දුරකථනයක්

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් මෙරට දී ආරම්භ කෙරුණා. ඒ Hypro Holdings සමාගම සහ Lodule International සමාගම එකට එක්වයි. දකුණු කොරියාවේ Lodule International සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බියුන්ගෙහුල් කිම් මහතා සහ මෙරට Hypro Holdings සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා විසින් මේ අවබෝධතා ගිවිසුමට පසුගිය දා අත්සන් තැබිම සිදු කරනු ලැබුවා.

Hypro Holdings සමාගම යනු Micro Electric සමූහ ව්‍යාපාරය යටතේ ඇති Smart Phone නිෂ්පාදන සමාගමකි.
Image Source - DialyNews.LK

මේ සඳහා රුපියල් මිලියන 600ක ආයෝජනයක් තම සමාගම විසින් සිදුකරන බව ධම්මික සමරවික්‍රම මහතා මෙහිදී සඳහන් කළේ ය. තවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“We have over 350 well-trained employees (with outsourcing) and supply our products globally and domestically. The Company has a dealer network of 2,745 and 40 distributors selling over 40 products ranging from plugs, holders, fuse boxes and other electrical accessories,” said Managing Director, Micro E.I. Group of Companies, Kumari Samarawickrama. “For the first time our distributors selling electrical accessories will market this phone giving them an additional livelihood.”
Some highlights from the historic MOU signing. Image Source - DialyNews.LK

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉතිහාසය නිර්මාණය කරමින් දිවයිනේ ප්‍රථම වරට 4G සක්‍රීය ජංගම දුරකථන එකලස් කරන ලද Micro Electric සමාගම විසින් මෙම දුරකථනය වෙළඳපොළට නිකුත් කරනු ඇත. ඉන් පසුව ලබන වසර මැද වන විට මෙම දුරකථන අපනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවත් එම මහතා විසින් වැඩි දුරටත් සඳහන් කළේ ය.

Image Source - DialyNews.LK

මෙම ජංගම දුරකථනය Hypro 2021 නමින් හැදින්වෙන අතර දෙසැම්බර් මාසයේදී රු. 30 000 පමණ මුදලකට මෙය වෙළෙඳපොළට නිකුත් වනු ඇත.

Source - NewsFirst.lk, DialyNews.lk

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara