අතෙහි පැළදිය හැකි තිරයක් සහිත Adaptive Display සංකල්පය Motorola සමාගම විසින් හඳුන්වා දෙයි

අතෙහි පැළදිය හැකි තිරයක් සහිත Adaptive Display සංකල්පය Motorola සමාගම විසින් හඳුන්වා දෙයි

Foldable Smartphones කියපු ගමන් අපිට මතකෙට එන්නේ Samsung Fold හෝ Flip Smartphone එකක්. එනම් Fold හෝ Flip කළ හැකි ආකාරයට නිපදවු Smartphone එකකුයි. කෙසේ වෙතත් පසුගිය දා පැවැත්වුණු Lenovo Tech World හිදී ඔවුන්ගේ නවතම Adaptive Display සංකල්පය එළිදක්වනු ලැබුවා.


මේ නව Adaptive Display සංකල්පය සමඟින් එ​ලි දැක්වුණ Conceptual Device එක සඳහා අගල් 6.9ක FHD+ pOLED Display එකක් භාවිත කර ඇති අතර එය Userගේ අවශ්‍යතාව පරිදි ආකාර රැසකට නැවිය හැකි වනවා.

මේ Adaptive Display Concept එක මගින් සාමාන්‍ය Smartphone එකක Experience එකේ සිට අතේ බැඳිය හැකි Smartphone එකක Experience එක ලබා ගත හැකි වනවා. එමෙන්ම මේ Smartphone එක Fold කර Standing Position එකත් ලබා ගත හැකි අතර මෙවිට අගල් 4.6ක Display එකක් භාවිත තර හැකි වනවා. මේ Smartphone එකේ විශේෂත්වය වන්නේ අතේ පැලඳිය හැකි පරිදි නැවිය හැකි වීමයි. ඉන් පසුව කිසිදු ගැටලුවකින් තොරව අත් පළදනාවක් මෙන් අතේ පැළදිය හැකි වනවා.

එමෙන්ම මේ Adaptive සංකල්පය සමඟ ඔවුන් විසින් AI භාවිත කරමින් User පැළඳ සිටින ඇදුමේ වර්ණයට අනුව Device එකේ Wallpaper එක වෙනස් කර ගැනිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.


ඉදිරියේදී තවත් සංවර්ධනය වීමට නියමිත මේ Adaptive Display Concept එක ඉදිරියේදී Foldable සහ Rollable ලෙස Smartphones සහ PC සඳහා භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

Source: 9to5google.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara