මුදල් සහ බිට්කොයින්

ලෝකේ මුදල් (money) විදිහට පාවිච්චි කරපු (සහ තවම පාවිච්චි කරන) රත්තරන් සහ ඩොලර් එක්ක බිට්කොයින් සංසන්දනය කරලා බලමු.

මුදල් සහ බිට්කොයින්

මගේ මුල්ම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකේ මුදල් (money) විදිහට පාවිච්චි කරපු (සහ තවම පාවිච්චි කරන) රත්තරන් සහ ඩොලර් එක්ක බිට්කොයින් සංසන්දනය කරලා බලන්න.

මොකද්ද මේ මුදල් කියන්නේ?

සරලව කියනවනම් මොකක් හරි වටිනාකමක් දෙන්නෙක් අතර හුවමාරු කරගන්න, වටිනාකම ගබඩා කරලා තියාගන්න, ඒ වගේම එක එක දේවල් වල වටිනාකම මනින්න මිනුම් දණ්ඩක් විදිහට යොදාගන්න පුළුවන් දේකට තමයි මුදල් කියන්නේ. ඉස්සර කාලේ මිනිස්සු තමන්ට ඕනේ කරන භාණ්ඩ හා සේවා ලබාගන්න කලේ විවිධ දේවල් හුවමාරු කරගන්න එක. කෙනෙක් ගාව වැඩිපුර හාල් තියනවනම් ඒව දීල අල්ලපු ගෙදරින් තුනපහ ගත්ත. වියපු රෙදි දීල මස් මාළු ගත්ත. ඉගුරු දීල මිරිස් ගත්ත. හැබැයි මේ ක්‍රමය මහා පරිමාණයෙන් කරන එක එච්චරම සාර්ථක නෑ. මොකද අනිත් කෙනා ලඟ තියෙන දේ අපිට ඕනේ උනත් අපි ගාව තියන දේ ඒ කෙනාට ඕනේ වෙන්නෙ නැති වෙන්න පුළුවන්.

පස්සෙ කාලෙක මිනිස්සු භාණ්ඩ හා සේවා වල  වල වටිනාකම මොකක් හරි දුර්ලභ දේකින් මනින්න ගත්ත. මුහුදු බෙල්ලෝ, දුර්ලභ ගල් වර්ග, විදුරු පබළු වගේ එක එක විදිහේ දේවල් යොදාගත්තා. හරි, දැන් අපි හිතමු අපි විදුරු පබළු මුදල් විදිහට යොදාගෙන ගනු දෙනු කරනවා කියල. එතකොට අපිට තියන වත්කම් වැඩිකරගන්න අපි පුලුවන් තරම් විදුරු පබළු එක්රැස් කරගන්න ඕනේ. දැන් කාට හරි විදුරු පබළු ගෙදරදීම හදන්න පුලුවන් මැෂින් එකක් තියනවනම් එයාට බොහොම කෙටි කාලෙකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන්. හැබැයි එහෙම වුනාම විදුරු පබළුවේ වටිනාකම කාලයක් යද්දී පිරිහෙනවා. මොකද ඒ මැෂින් එක නිසා මුදල් සැපයුම වැඩි වෙන හින්ද.

මේ හේතුව නිසා මුදල් විදිහට යොදාගන්න ඕනෙම දෙයක් බොහොම දුර්ලභ (scarce) දෙයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දේ අලුතින් නිපදවන එක බොහොම අමාරු වෙන්න ඕනේ. මේ වගේ මුදලකට කියන්නේ hard money කියල. රත්තරන් කියන්නේ මේකට හොදින්ම  ගැලපෙන දෙයක්. රත්තරන් කුට්ටි වගේම කාසි විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්. බොහොම කාලයක් නොනැසී තියාගන්න පුලුවන්. ඕනේ කෙනෙක්ට පහසුවෙන් අඳුනගන්න පුලුවන්. ඒ වගේම පතල් හාරලා අලුතෙන් රත්තරන් හදන එක බොහොම අමාරු වැඩක්. ඒ නිසා රත්තරන් සැපයුම (supply) වැඩි වෙන්නේ ඉතාම හෙමින්. මේ කාරනා නිසා රත්තරන් අවුරු දහස් ගානක් මුදල් විදිහට පරිහරණය වෙනවා.

කාලයත් එක්ක රත්තරන් කාසි, රත්තරන් කුට්ටි වලින් ගනුදෙනු කරන එක අඩු වෙලා ආණ්ඩු වලින් නිකුත් කරපු රත්තරන් වල වටිනාකමට ඈඳපු (gold pegged) මුදල් භාවිතයට ආව.මේකට හොඳම උදාහරණෙ ඇමෙරිකානු ඩොලරය. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවුන Bretton Woods ගිවිසුමෙන් පස්සේ රත්තරන් අවුන්සයකට ඩොලර් 35ක් කියන අනුපාතයෙන් ඩොලර් නිකුත් කළා. එතකොට කවුරු හරි කඩේකින් බඩු අරන් ඩොලර් 35ක් ගෙව්වා කියන්නේ රත්තරන් අවුන්සයක් දුන්න වගේ. ඒ වගේම රටවල් අතර ගනුදෙනු කරනකොට රත්තරන් කුට්ටි වලින් ගෙවනවාට වඩා ඩොලර් නෝට්ටු වලින් ගෙවන එක පහසුයි. මේ ක්‍රමයේදී මුදල පාවිච්චි කරන අය තුල මුදල නිකුත් කරන ආණ්ඩුව කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. එහෙම නැති අවස්ථා වලදී රටවල් අතර රත්තරන් settle කරන්න ඕනේ උනොත් රත්තරන් ship කරන්න, quality එක check කරලා verify කරන්න සෑහෙන කාලයක් වගේම විශාල වියදමකුත් යනවා.

1971දි මේ ක්‍රමය නතර වුනා. ඩොලරයේ තිබ්බ gold peg එක නැති වුනා. ඇමෙරිකාවේ වියදම් පිරිමහගන්න සල්ලි අච්චු ගහන එක පටන්ගත්ත. දියුණු වෙමින් පවතින රටක් ඕනෙවට වඩා සල්ලි අච්චු ගැහුවොත් ඒ රටේ මුදලේ අගය ගොඩක් අඩු වෙන්න පුළුවන් (කලින් කිව්ව විදුරු පබළු හදන මැෂිම මතකනේ). අතිඋද්ධමනයක් (hyperinflation) ඇති වෙලා රට අස්ථායි වෙන්නත් පුළුවන්. හැබැයි ඇමෙරිකාවට මේ වගේ දෙයක් වෙන්න තියන හැකියාව බොහොම අඩුයි. මොකද ලෝකයේ ඛනිජ තෙල්, බඩු භාණ්ඩ හා සේවා හුවමාරු වෙන ප්‍රධානම මුදල තමයි ඩොලර් කියන්නේ. ඉතින් අනිත් මුදල් වලට නැති සුවිශේෂී ගුණයක් ඩොලර් වලට තියනව.

දැන් බිට්කොයින් ගැන කතාකරමු...

2009දි කරලියට ආපු මුල්‍ය තාක්ෂණයක් (monetary technology) විදිහට බිට්කොයින් හඳුන්වන්න පුලුවන්. රත්තරන් සහ ඩොලර් වල තියන නරක දේවල් අයින් කරලා හොඳ දේවල් විතරක් අරන් හදපු තාක්ෂණයක් මේක. රත්තරන් ගන්න පතල් හාරනවා වගේම අලුතින් බිට්කොයින් නිපදවන්න mining කරන්න ඕනේ. දැනට දවසකට බිට්කොයින් 900ක් විතර mine වෙනවා. එහෙම අවුරුදු ගානක් mine කරලා ගන්න පුළුවන් උපරිම බිට්කොයින් ගාන මිලියන 21යි. හැබැයි මෙතන ලොකු වෙනසක් තියනව. හිතන්න මොකක්හරි රටක ලොකු රත්තරන් නිධියක් මතු වුනා කියල. එතකොට ඒක හාරලා සමහර විට එක රැයින් ලෝකෙ රත්තරන් සංචිත වැඩිම රට වෙන්න ඒ රටට පුලුවන් වෙයි. රත්තරන් දුර්ලභ උනත් අනාගත සැපයුම මොනවගේද කියල කාටවත් කලින් කියන්න බෑ. බිට්කොයින් මීට වෙනස්. දැන් හිතන්න මොකක් හරි රටකට විදුලිබල අතිරික්තයක් ඇවිත් ඒකෙන් bitcoin mine කරන්න ගත්ත කියල. ඒ රට කොච්චර විදුලියක් වැය කරලා mining කලත් bitcoin protocol එකට අනුව දවසකට දල වශයෙන් bitcoin 900ක් විතරයි අලුතින් mine වෙන්නේ. ඒ difficulty adjustment කියල automatically සිද්ධ වෙන සංසිද්ධියක් නිසා. මේ නිසා දවසකට mine වෙන බිට්කොයින් ප්‍රමාණය සහ අනාගතේ mine කරන මුළු coins ගාන අපි හොඳින්ම දන්නවා. ඒ ගැන කිසි අවිනිශ්චිත බවක් නෑ. ඒ හින්ද bitcoin කියන්නේ රත්තරන් වලටත් වඩා හොඳ hard money එකක්.

බිට්කොයින් වල ප්‍රධානම දේ තමයි විමධ්‍යගත (decentralized) වීම. ඒ කියන්නේ bitcoin protocol එක පාලනය කරන කෙනෙක්, ආයතනයක්, පිරිසක්, රටක් හෝ ආණ්ඩුවක් නෑ. ඕනෙම කෙනෙක්ට මේ network එක පාවිච්චි කරන්න පුලුවන්. හරියට internet එක පාවිච්චි කරනවා වගේ (internet එකෙත් මුලික protocol එක වෙන TCP/IP පාලනය කරන කෙනෙක් හෝ ආයතනයක් නෑ). ඒ හින්ද කිසිම වාරණයක, සම්බාධකයක බලපෑමක් නැතුව ලෝකේ ඕනෙම කෙනෙක්ට මුල්‍ය ගනුදෙනු කරන්න වගේම වටිනාකම ගබඩා කරන්න bitcoin යොදාගන්න පුළුවන්.

බිට්කොයින් base layer එක, ඒ කියන්නේ  bitcoin blockchain එක පාවිච්චි වෙන්නේ ඩොලර් කීපයක පොඩි value එකක ඉදන් ඩොලර් බිලියන ගානක් දක්වා ඕනෙම අගයක transaction settle කරන settlement layer එකක් විදිහට. ඒ කියන්නේ කිසිම තුන්වන පාර්ශවයක් නැතුව පුද්ගලයින් දෙන්නෙක්, ආයතන දෙකක්, නැත්තම් රටවල් දෙකක් අතර මුල්‍ය හුවමාරුවක් කරන්න මේ network එක යොදා ගන්න පුළුවන්. මේ විදිහට කරන transaction එකක් blockchain එකේ confirm උනාට පස්සේ (දල වශයෙන් විනාඩි 10කින්) ඕනෙම කෙනෙක්ට transaction ID එක බලල verify කරගන්න පුලුවන්. Trusted 3rd party එකක් ඕනේ නැත්තේ ඒකයි. මේක හරියට රටවල් දෙකක් අතර සිද්ධවෙන රත්තරන් settlement එකක් වගේ. හැබැයි ඊට වඩා 1000x ඉක්මන්, 1000x ලාබයි. ලොකුම දේ තමයි රත්තරන් ගබඩා කරන්න යන වියදම, මහන්සිය, වගේම counterparty risk එක bitcoin පාවිව්වි කරද්දී අදාළ වෙන්නේ නෑ. තමන්ගේ bitcoin wallet එකක  bitcoin තියන් ඉන්නවා කියන්නේ නිකම් තමන්ගේ රත්තරන් තමන්ම ගබඩා කරගෙන ඉන්නවා වගේ. wallet එකේ seed phrase එක කොහේ හරි ලියාගෙන, එහෙම නැත්තම් මතක තියන් ඕනෙම රටකට යන්න පුලුවන්. හැබැයි රත්තරන් කුට්ටි අරන් වෙන රටකට යන්න ගියොත් ඉතින් කන්න වෙන්නේ ඒ රටේ හිරබත් තමයි.

ඊට අමතරව අපි හැමදාම කරන පොඩි පොඩි ගනුදෙනු කරන්න lightning network කියන bitcoin 2nd layer එක යොදාගන්න පුලුවන්. මේක හරියට කඩෙන් බඩු ගන්න රත්තරන් පාවිච්චි කරන්නේ නැතුව gold peg එකක් තියන නෝට්ටු පාවිච්චි කරනවා වගේ. Lightning වලදී final settlement එක ක්ෂණිකව ඉතාම අඩු fee එකකට සිද්ද වෙනවා. මෙතැනදී peg කරපු කිසි දෙයක් නෑ, bitcoinම තමයි settle වෙන්නේ. ඉතින් මේක gold-pegged නෝට්ටුවකට වඩා කාර්යක්ෂමයි. ඊට අමතරව දැන් bitcoin 3rd layer යෙදුම් හැදීගෙන එනවා. ඒවා පාවිච්චි කරලා programable money විදිහට බිට්කොයින් පාවිච්චි කරන්නත් ඉදිරියට පුලුවන් වෙයි.

දැන් තේරෙනවා නේද බිට්කොයින් වලට digital gold කියල කියන්න හේතුව?

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna