MOBITEL පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට DATA Roll Over පහසුකම ලබා දෙයි

SLT-Mobitel සමාගම විසින් ඔවුන්ගේ පෙරගෙවුම් Mobile Broadband පාරිභෝගිකයින් සඳහාත් මේ පහසුකම හඳුන්වා දෙන්න මේ වන විට කටයුතු කර තිබෙනවා.

MOBITEL පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට DATA Roll Over පහසුකම ලබා දෙයි

ඔබට මතක ඇති පසුගිය සමයේදී Dialog Axiata සමාගම විසින් ඔවුන්ගේ Home Broadband පැකේජයන් සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Data Roll Over පහසුකම හඳුන්වා දෙනු ලැබුවා.

SLT-Mobitel සමාගම විසින් ඔවුන්ගේ පෙරගෙවුම් Mobile Broadband පාරිභෝගිකයින් සඳහාත් මේ පහසුකම හඳුන්වා දෙන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් රු.58.00 පැකේජයේ සිට රු.1199.00 පැකේජය දක්වා පැකේජයන් 11කට පමණ මේ Data Roll Over පහසුකම හඳුන්වා දී තිබෙනවා.

Image - SLT-MOBITEL

කෙසේ වෙතත් ඒ කොන්දේසී කිහිපයක් සමගිනුයි.
• මෙලෙස Active කරන ලද Data පැකේජයේ Data Roll Over කර ගත හැකි වන්නේ එම පෙර සක්‍රීය කරනු ලැබු පැකේජයම නැවත සක්‍රීය කළ හොත් පමණයි. (ඔබ රු.58.00 පැකේජය සක්‍රීය කර ඇති නම් එහි Data Roll Over කර ගත හැකි වන්නේ නැවත එම පැකේජයම, එනම් රු.58.00 පැකේජය සක්‍රීය කර ගැනීමෙනි)
• එමෙන්ම මෙලෙස ඔබට Data Roll Over කර ගැනීමට නම් ඔබ පළමුව සක්‍රීය කරන ලද පැකේජයේ වලංගු කාල සීමාව තුළ නැවත එම පැකේජයම සක්‍රීය කළ යුතු වනවා.

මේ පිළිබඳව තවත් වැඩි විස්තර mobitel.lk ඔවුන්ගේ වෙබ්අඩවියට පිවිස දැනගත හැකියි.


මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara