Apple සමාගමේ Dynamic Island විශේෂාංග​ය Xiaomi සමඟින් Grumpy UI නමි​න් Android වෙතටත් නුදුරේදී​ම

Apple සමාගමේ Dynamic Island විශේෂාංග​ය Xiaomi සමඟින් Grumpy UI නමි​න් Android වෙතටත් නුදුරේදී​ම

පසුගියදා නිකුත් වූ iPhone 14 දුරකථන පෙළට විශාල ආකර්ෂණයක් ලබාදීමට එහි නවතම display cutout එක, එහෙමත් නැති නම් ඔවුන් Dynamic Island ලෙස හඳුන්වන අංගය සමත් වුණා.

මෙය Pro මොඩල් පෙළ සඳහා පමණක් සීමාවන අංගයක් වන අතර, දැන් ඔවුන් පෙර iPhone වල තිබූ display cutout එකට වඩා ප්‍රමාණයෙන් අඩු cutout එකක් එක් කර ඇති අතර, ආකර්ෂණීයම කරුණ නම් ඔවුන් එය iOS සමඟ එකට ගලපා ඇති ආකාරයයි.

කෙසේ හෝ මෙම විශේෂාංගය දැන් Android මෙහෙයුම් පද්ධතියක් සඳහාද එක් කිරීමට Xiaomi Mi හි theme developers වරුන් සමත් වී තිබෙනවා. TechDroider වෙබ් අඩවියේ Viabhav Jain ඔහුගේ Twitter ගිණුමේ දක්වා තිබු ආකාරයට මෙම theme එක මගින් දුරකතනයේ pin-hole කැමරාව සමානව සඟවනු ලබනවා. ඔවුන් විසින් මෙය Grumpy UI නමින් නම් කර තිබෙනවා.

එනම් පෙර Apple විසින් කළාක් මෙන් මෙයින් hardware බාධකයක්, software සඳහා ආධාරකයක් කරගනු ලබනවා.

කෙසේ වුවත් මෙම theme එක තවමත් review මට්ටමේ පවතින අතර Xiaomi වෙතින් අවසර හිමි වුවහොත් එය MIUI theme store එකට එක්වනු ඇති.

Smartphone ලොවේ බොහෝ විට සිදුවන ආකාරයට එක නිෂ්පාදකයෙකුගේ අංග උපාංග තවත් නිෂ්පාදකයින් ඔවුන්ගේ මාදිලි වලට එකතු කිරීම සුලබ නිසා මෙම feature එක ඍජුවම Samsung, Xiaomi වැනි නිෂ්පාදකයින් ඔවුන්ගේ මාදිලි වලට ඇතුලත් කරන්නත් ඉඩ තිබෙන බව මතක් කළ යුතුයි.

Sources: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna