Xiaomi තම MIUI Security App එක Play Store වෙත release කරයි

Xiaomi තම MIUI Security App එක Play Store වෙත release කරයි

Xiaomi සමාගම ඔවුන්ගේ “Security” app එක Play Store සඳහා release කරලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ full system updates වලින් security-related features වෙන් කරන එකයි. ඉතින් Xiaomi devices වල pre-install වෙලාම එන මේ app එක app lock, junk cleaner සහ battery saver වගේ features පවා ලබා දෙනවා.

ඒ වගේම මේ තුලින් system security සඳහා smartphone එක scan කරනවා වගේම metered connections ඔස්සේ data usage එක අවම කිරීමටත් පහසුකම් සපයනවා. ඉතින් මේ app එකේ play store availability එක නිසා system updates වලින් වෙන් කරලා security updates වෙනම එවීමෙ හැකියාව Xiaomi සමාගමට ලැබෙනවා.

Smartphones සහ tablets වලට system updates ලබා දීමේ දී Xiaomi ලා එතරම් වේගවත් නෑ. කෙසේ වෙතත් Security app එක Play Store එකට ලබා දීම Xiaomi ලා ගත් නිවැරදි පියවරක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඒත් මතකයේ තියා ගන්න ඕන කාරණයක් තමා, මේ app එක තවම available වෙන්නේ company devices වලට විතරයි කියන දේ. ඉතින් මේ app එක install කරන්න නම් ඔයාට Mi, Redmi හෝ Poco smartphone එකක් අවශ්‍ය වෙනවා.

Play Store listing page එකේ දී Xiaomi සමාගම මේ app එක ගැන විස්තර කරලා තියෙන්නේ MIUI eco-system එකේ ඉතාමත් වැදගත් කොටසක් විදිහටයි.

“Security contains a powerful set of protection and optimization tools. App lock, Data usage, Security scan, Cleaner, Battery saver, Blocklist, and many other features will keep your phone fast and secure”.                                                                                                         -Xiaomi

ඉතින් ඒ අතරවාරයේ Xiaomi ලා MIUI 12 beta build එක ලොවපුරා smartphones අතර අත්හදා බලමින් පවතිනවා. සම්පූර්ණයෙන් ම අලුත් උන user interface එකක් එක්ක එන themes සහ full-screen gestures මේ update එකට ඇතුලත් වෙනවා. ඒ වගේම මෙය revamped camera UI එකකිනුත් සමන්විත වෙනවා. ඉතින් මේකෙ Pilot Testing Program එක Poco F1, Redmi Note 8 Pro, Note 7, Note 7S, Note 7 Pro වගේ Xiaomi devices කීපයක run වෙමින් පවතිනවා.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස මොකක්ද? කතා කරමු comment section එකේ.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara