Xiaomi සමාගම විසින් MIUI 12.5 යාවත්කාලිනය ලබා දෙන දුරකථන නාමාවලිය ප්‍රකාශ කිරිමට කටයුතු කරයි

Xiaomi සමාගම විසින් MIUI 12.5 යාවත්කාලිනය ලබා දෙන දුරකථන නාමාවලිය ප්‍රකාශ කිරිමට කටයුතු කරයි

පසුගිය වසරේ අගභාගයේදී එනම් 2020 දෙසැම්බර් මාසයේ Chinese Mi 11 දුරකථනය එළි දැක්වීමෙදී MIUI 12.5 යාවත්කාලිනය පිළිබදව හෙළිකරනු ලැබුවා. එදින් පටන් මේ වන තෙක් MIUI 12.5 යාවත්කාලිනයේ beta testing සිදු වෙමින් පවතිනවා.

ඊයේ දිනයේ පැවති Global Mi 11 දුරකථනය එළි දැක්වීමෙදී මෙම යාවත්කාලිනය global users ලා හට ලබා දෙන ආකාරය පිළිබදව හෙළිදරව් කරනු ලැබුවා. ඒ අනුව මෙම නව යාවත්කාලිනය කොටස් දෙකක් අනුව සිදු කරනු ලබන බව Xiaomi සමාගම දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පළමු කොටස 2021 දෙවන කාර්තුවේදී (Q2) ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා Xiaomi Mi 10T, Xiaomi Mi 10T Pro, Xiaomi Mi 10, Xiaomi Mi 10 Pro සහ Xiaomi Mi 11 යන දුරකථන ඇතුලත් කොට තිබෙනවා.

The first batch of compatible devices | Source:androidauthority

දෙවන කොටස 2021 දෙවන කාර්තුවේ අගභාගයේදී (late Q2) ආරම්භ කිරිමට නියමිත අතර ඒ සදහා Xiaomi Mi 10 Lite 5G, Xiaomi Mi 10T Lite, Xiaomi Mi Note 10 and 10 Pro, Xiaomi Mi Note 10 Lite, Redmi Note 9T, Redmi Note 9 Pro, Redmi Note 9S, Redmi Note 9, Redmi Note 8 Pro, POCO F2 Pro, POCO X3 NFC සහ Redmi 9 යන දුරකථන ඇතුලත් කොට තිබෙනවා.

The second batch of compatible devices | Source:androidauthority

යාවත්කාලිනය බෙදාහැරීම ආරම්භ කල වහාම මෙම ලැයිස්තුවට තවත් දුරකථන එකතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමු.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara