Windows 11 වෙත නව emojis ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි

Windows 11 වෙත නව emojis  ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි

Microsoft සමාගම මේ සතියේ Windows 11 හි එහි Fluent-style emoji ලබා දෙන බව වාර්තා වෙයි. OS සඳහා නව optional updates නිකුත් වෙමින් පවතින අතර එයට වැදගත් bug fixe කිරීම් ගණනාවක් සහ Microsoft සමාගම විසින් මෙම වසර මුලදී preview එකක් ලෙස ලබාදුන නව ඉමොජි කිහිපයත් මෙම update එකට ඇතුළත් වේ. එය සම්පූර්ණයෙන්ම නව විලාසිතාවක් වුවද, එය Microsoft සමාගම කලින් පොරොන්දු වූ 3D ඉමොජි නොවේ. Microsoft සමාගම ඒ වෙනුවට 2D ඉමොජි තෝරා ගත් බව වාර්තා වෙයි.

Windows 11 හි නව emoji කිහිපයට Clippyද (?) ඇතුළත් වේ, Microsoft සමාගම විසින් එහි Clippy  චරිතය (?) සමඟ standard paperclip ඉමොජි replace කර ඇත. ඉමොජි දීප්තිමත් සහ වර්ණවත් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇති, නමුත් ඒවා pop කළ 3D අංග නොමැති බවට වාර්තා වෙයි.

“නව ඉමොජි style එක ලබා ගත හැක්කේ Windows 11 හි පමණක් වන අතර එය 2D වේ,” Microsoft සමාගම ජූලි මාසයේ සිට සිය design blog එක වෙත quiet update කිරීමකින් මෙය ගැන පැහැදිලි කළේ ය. මෙතනින් එම ලිපිය කියවන්න.

මෙම Fluent emoji හි 3D සහ animated අනුවාද Microsoft Teams වැනි නිෂ්පාදනවල දිස්වන නමුත්, ඔබට Windows හි නව emoji අවශ්‍ය නම් ඔබට Windows 11 වෙත upgrade කිරීමට අවශ්‍ය වනු ඇත. මේවා Windows 10 වෙත ගෙන ඒමට අදහසක් නොමැති බව Microsoft සමාගම නිවේදනය කළේය.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara