ChatGPT හරහා බල ගැන්වෙන නව Bing සෙවුම් යන්ත්‍රය පරිශීලයන්ට නිකුත් කිරීම අරඹ​යි

Microsoft සමාගම විසින් OpenAI සමඟ එක්ව ChatGPT හා Bing සෙවුම් යන්ත්‍රය ඒකාබද්ධ කොට NewBing නමින් එළිදැක්වූ Ai ChatBot මේ වන විට පරිශීලකයන් කිහිප දෙනෙකුට මෙම භාවිතා කිරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

ChatGPT හරහා බල ගැන්වෙන නව Bing සෙවුම් යන්ත්‍රය පරිශීලයන්ට නිකුත් කිරීම අරඹ​යි

Microsoft සමාගම විසින් OpenAI සමඟ එක්ව ChatGPT හා Bing සෙවුම් යන්ත්‍රය ඒකාබද්ධ කොට NewBing නමින් නව Chat Bot කෙනෙක් එළිදැක්වූ බව මීට පෙර අපි ඔබට වාර්තා කළා.

පසුගිය සතියේ සිට මේ New Bing භාවිතා කිරීම සඳහා Microsoft සමාගම විසින් පරිශීලයන්ට Waitlist එකකට Add විය හැකි ලෙස The New Bing වෙබ් අඩවිය යොදා තිබූ අතර ඉතා ඉක්මනින් ඒ සඳහා ඇතුළත් වූ පරිශීලක පිරිස මිලියනයේ සීමාව පසු කර තිබෙනවා.

මේ වන විට එම Waitlist එකට Join වූ පරිශීලකයන් සදහා (Microsoft Edge Browser එකෙහි Can, Dev Version භාවිතා කරන්නන් සියල්ලම ඇතුළත්ව) මෙම New Bing Ai Chatbot භාවිතා කිරීමට අවස්ථාව Microsoft සමාගම විසින් ලබා දෙමින් පවතිනවා.

මේ සඳහා එසේ තෝරාගත් පරිශීලකයන්ට e-mail එකක් මඟින් ඒ බව දැනුම් දීමක් කොට තිබෙනවා. ඒත් සමඟ මොවුන් මේ New Bing පිළිබඳව Feedbacks ද පරිශීලයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙම Mail එකේ Microsoft සමාගම විසින් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඔවුන් තවමත් මෙහි Mobile Version එක සකසා නොමැති බවත් ඒ සඳහා මෙය Desktop එකකින් ම අත්හදා බලන ලෙසත් ය. Microsoft සමාගම විසින් ඉතා ඉක්මනින් මෙහි Mobile Version එකක් නිර්මාණයට කටයුතු කරන අතර එය ලද සැනින් ලබා ගැනීම සඳහා අදාළ App Store එකෙන් Bing App එක Download කර තබා ගන්නා ලෙසත් එහි වැඩි දුරටත් සඳහන් වනවා.

The new Bing user interface shows Microsoft’s ChatGPT chat integration

මෙහි ක්‍රියාකාරිත්වය ChatGPT හි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම සර්වසම වන අතර මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මෙහි ලබා දෙන පිළිතුරුවලට අදාළ මූලාශ්‍රයන්ද පිළිතුරු වල දක්වා තිබීමයි.

ඔබ තවමත් මෙහි Waiting List එක Join වූයේ නැති නම් www.bing.com/new වෙත ගොස් ඒ සඳහා සම්බන්ද විය හැකියි. එවිට Microsoft විසින් ඔබට අදාළ Region එකට මෙය නිකුත් කළ පසු ඔබ්ට ඉහත ආකාරයේ email එකක් මඟින් දැනුම් දීමක් කරනු ඇති.

Sources: bgr.com windowslatest.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara