Blue Screen එක වෙනුවට Windows 11 වලදී Black Screen එකක්

අලුතින්ම ඉදිරිපත් කරන ලද Windows 11 මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතෙක් පැවති BSOD හෙවත් නිල් පසුබිම වෙනුවට කලු පසුබිමක් ඇතුලත් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇත.

Blue Screen එක වෙනුවට Windows 11 වලදී Black Screen එකක්

Microsoft සමාගම විසින් 2012 දී Windows 8 මෙහෙයුම්පද්ධතියට BSOD (Blue Screen Of Death) හෙවත් නිල් පැහැති Death Screen එකක් ඇතුලත් කරන ලදී (BSOD). පසුව, 2016 දී එම BSOD සඳහා අමතර අංගයක් ලෙස QR කේතයක්ද ඇතුලත් කරන ලදී. ඒ ආකාර​යටම Windows 10 මෙහෙයුම් පද්ධතිය සඳහාද නිල් පැහැති Death Screen එකක් ඇතුලත් කිරීමට Microsoft සමාගම කටයුතු කරන ලදී. මේ හරහා පරිගණක තාක්ෂණවේදීන්ට සහ පරිශීලකයන්ට පරිගණකයේ දෘඩාංග හා මතක දෝෂ පහසුවෙන් හඳුනාගැනීමට හැකිවිය.

Windows 10හි blue screen එක දැක්වෙන ආකාරය

නමුත්, අලුතින්ම ඉදිරිපත් කරන ලද Windows 11 මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතෙක් පැවති BSOD හෙවත් නිල් පසුබිම වෙනුවට කලු පසුබිමක් ඇතුලත් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇත.

Windows 11 මතදී error screen එක කළු පැහැති වන ආකාරය

Verge තාක්ෂණික පුවත්පතට අනුව, Windows 11 මෙහෙයුම් පද්ධතිය මගින් මෙතෙක් පැවති සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා වෙනස් ආකාරයේ ​අත්හදාබැලීම් සිදුකිරීමට Microsoft සමාගම කටයුතු කරමින් සිටින අතර ඒ අනුව මෙම නව වෙනස්කම සිදුකර ඇත.

Source - Gadgets360

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna