Microsoft සමාගම විසින් Windows 11 සංස්කරණය නිලවශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි: Download කරගැනීම නොමිලේ

Microsoft සමාගම විසින් Windows 11 සංස්කරණය නිලවශයෙන් නිකුත් කිරීමට කටයුතු කරයි: Download කරගැනීම නොමිලේ

ඔබට මතක ඇති පසුගිය ජුනි මාසයේදි පමණ Microsoft සමාගම විසින් නිල වශයෙන් ඔවුන්ගේ Windows 11 එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. Windows 11 සංස්කරණය නිල වශයෙන් Download කර ගැනීමට ⁣අද දින (ඔක්තෝබර් 05) සිට අවස්ථාව සලසා දෙන බවත් මී⁣ට පෙර ඔවුන් විසින් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව මේ වෙන විට Windows 11 නිල වශයෙන් Download කර ගැනිම සදහා නිකුත් කර ඇති අතර මෙය නොමිලේ ලබා දීමටත් Microsoft සමාගම විසින් කටයුතු කර තිබෙනවා. එමෙන්ම අද දිනයෙන් පසුව ඔබට නව පරිගණකයක් මිලදි ගැනිමේදි Windows 11 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත පරිගණකයක් මිලදී ගැනිමේ හැකියාව ද උදා වෙනවා.

අපි මීට පෙර Windows 11 මෙහෙයම් පද්ධතිය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලිපි කිහිපයක් හරහාම ඔබ වෙත ගෙන එනු ලැබුවා. එම ලිපි සියල්ල පහතින් ඔබට නැවත කියවිය හැකි වෙනවා.

Windows 11 සංස්කරණය නොමිලේ Download කිරිමේ ලැබෙනුයේ මේ වෙන විටත් නිල Windows 10 සංස්කරණයක් (Genuine) භාවිත කරමින් සිටින Usersලාට පමණක් වෙන අතර Windows 7 හෝ ඉට ප්‍රථම සංස්කරණයන් භාවිත කරන Usersලාට මෙය මුදල් ගෙවා මිලදි ගත යුතු වෙනවා.

එමෙන්ම ඔබගේ පරිගණකය නව Windows 11 සංස්කරණය භාවිත කිරිම සදහා සුදුසුකම් සපුරා ඇත්දැයි දැන ගැනිම සදහා Microsoft සමාගම විසින් PC Health Check නමින් App එකක් හදුන්වා දි ඇති අතර ඒ මගින් ඔබටම එය පිළිබඳ දැන ගත හැකි වෙනවා.

Source: Microsoft

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara