Windows 11 මෙහෙයුම් පද්ධතිය ලොව පරිගණක වලින් 20%ක පමණ ධාවනය වන බව AdDuplex වාර්තා කරයි

Windows 11 මෙහෙයුම් පද්ධතිය ලොව පරිගණක වලින් 20%ක පමණ ධාවනය වන බව AdDuplex වාර්තා කරයි

Microsoft සමාගම විසින් පසුගිය වසරේ ජුනි මාසයේදී ඔවුන්ගේ නවතම Windows 11 සංස්කරණය නිල වශයෙන් හදුන්වා දුන් අතර පරිශීලකයන්ට බාගත කර ගැනිමේ හැකියාව ලබා දී මසක් වැනි කාලයක් තුල Windows 11 සංස්කරණය Modern PCsවලින් 05%ක පමණ ප්‍රමාණයක් භාවිත වෙන බවට AdDuplex මගින් සිදු කරන ලද සමික්ෂණයකින් හෙළි වුවා. ඉන් පසුව මේ වසරේ ජනවාරි මාසය වන විට එය 16.1%ක් දක්වා ඉතා සීඝ්‍ර වර්ධනයක් සිදු වූවා.

මේ වන විට Windows 11 භාවිත කරන පිරිස 20% දක්වා ඉහළ ගොස් ඇති බව AdDuplex විසින් සිදු කරන ලද නවතම සමික්ෂණයකින් හෙළිවී තිබෙනවා.

කෙසේ නමුත්, Windows 10 21H2 version එක දෙවන ස්ථානය ලබා ගන්නේ, එහි අඩු system requirements නිසා  Windows 11 සඳහා සුදුසුකම් නොලබන පරිගණක සඳහා updates නිකුත් කරන බැවිනි. 20% ක් විශාල අගයක් නොවුනත්, Windows 11 තවමත් සාපේක්ෂව නව මෙහෙයුම් පද්ධතියක් වන අතර, ඉදිරි මාසවලදී ද එම අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිවනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna