Microsoft විසින් dark mode, custom icons සහ daily wallpapers සමඟ update කළ Android Launcher

Microsoft විසින් dark mode, custom icons සහ daily wallpapers සමඟ update කළ Android Launcher

Microsoft තම Android සඳහා වූ Launcher app එක version 6 ලෙස අලුත්ම හදුන්වා දීම් සමඟ update කරලා තිබෙනවා. මේ සමඟම මේ software එකට විශාල දෘශ්‍ය වෙනසක් සහ එහි පවතින ක්‍රියාකාරීත්වයට ඉහළින් කාර්‍යසාධනය වැඩි දියුණු කිරීමක් ලැබී තිබෙනවා.

Launcher version 6 එකෙහි අලුත් app icon, dark mode, daily wallpaper features සහ customizable icons පවතින අතර එය දැන් landscape orientation එකේදී ද  ක්‍රියා කරනවා.

දවස පුරා  personalized news feed update වීම, faster loading සහ battery drain අඩු කිරීම ඇතුළුව සාමාන්‍ය කාර්‍යසාධනය වැඩි දියුණු කර තියෙනවා.

ඔයාලට Google play store එකෙන් මේ app එක download කරගන්න පුළුවන්.

Launcher app එක Microsoft සඳහා සිත් ඇද ගන්නා සුලු අත්හදා බැලීමක්. එමඟින් සමාගමට ලොව විශාලතම mobile platform එකට මාවතක් ලබා දෙන අතර windows android සමඟ ඒකාබද්ධ වන්නේ කෙසේදැයි ගවේෂණය කිරීමට ස්ථානයක් ලබා දෙනවා.

නමුත් මෙම අලුත්ම update එක Microsoftහි  වඩාත්ම අභිලාෂිත Launcher app එක සඳහා තවමත් සූදානම් වෙමින් පවතින බව පේනවා. නව Launcher app එක උපාංගයේ සමහර aesthetics සඳහා පරීක්‍ෂණයක් ලෙස පෙනෙන අතර සහ landscape mode එකක්  ඇතුළත් කිරීම dual-screen duo සඳහා අර්ථවත් කරනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara