Microsoft සමාගම විසින් ඩොලර් බිලියන "69"ක් ගෙවා Activision Blizzard සමාගම මිලදී ගැනීමට සූදානම් ​වේ

Microsoft සමාගම විසින් ඩොලර් බිලියන "69"ක් ගෙවා Activision Blizzard සමාගම මිලදී ගැනීමට සූදානම් ​වේ

තම සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 68.7කට Activision Blizzard සමාගම මිලදී ගැනීමට කටයුතු සූදානම් අර ඇති  බවට Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව Microsoft සමාගම විසින් Activision Blizzard සමාගමේ එක් කොටසක් ඩොලර් 95 බැගින් මිලදී ගනු ඇත. මේ සමඟම Microsoft සමාගම ලොව game publisher ලැයිස්තුවේ තෙවන ස්ථානයට​ද පත් ව​නු ඇත. Tencent සහ Sony සමාගම් පිලිවෙලින් පළමු සහ දෙවන ස්ථානයන්හි පසු වේ.

මෙම මිලදී ගැනීමත් සමඟම Activision, Blizzard සහ King studios හි Warcraft, Diablo, Overwatch, Call of Duty සහ Candy crush ඇතුලු තවත් games විශාල ප්‍රමාණයක් Microsoft සමාගම සතුවනු ඇත. මේ සමඟම Microsoft සමාගම විසින් තම මිලියන 25ක් පමණ වන subscribersලා​ට Activision Blizzardහි ක්‍රීඩා සඳහා ඔවුන්ගේ subscription සේවාව ලබා දීමටද සූදානම් වෙනවා. මේ හරහා Xbox Cloud Gaming ප්‍රවර්ධනය කර ගැනීමද Microsoft සමාගමේ අදහසද වනවා.

Activision Blizzard සතුව මේ වන විට මාසිකව මිලියන 400කට අධික ක්‍රියාකාරී ක්‍රීඩයකයන් රැසක් සිටින අතර සේවකයන් 10,000කින් යුතු වනවා. Microsoft සමාගම විසින් Activision Blizzard සමාගම මිලදී ගැනීම සම්පූර්ණ කල පසුව ඔවුන් සතු වන game development studios ප්‍රමාණය 30 දක්වා ඉහල යනු ඇත.

මෙම ගණුදෙනුව තවමත් සම්පූර්ණයෙන්ම සිදු කර අවසාන වී නැති අතර මේ සඳහා වන නීයාමන පරික්ෂාවන්ගෙන් පසු අනුමැතිය ලද විට සම්පූර්ණ කර අවසන් කරනු ලබන විටදී මෙම වසරේ මැද භාගය හෝ අවසාන භාගය වන ඇතැයි මත පල වනවා. කෙසේ වුවත් සමාගම් දෙකේම අධ්‍යක්ෂකවරු විසින් මෙම ගනුදෙණුව සඳහා එකඟ වී ඇත් අත​ර මෙය සම්පූර්ණ වන තුරු Activision Blizzardහි CEO වශයෙන් කටයුතු කරන Bobby Kotick එම ධුරය හොබවනු ඇත.

Source: Microsoft, Xbox

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara