Microsoft Teams ඇතුළු 365 සේවාවන් කිහිපයක් ලොව පුරා ඇණ හිටී

Microsoft Teams ඇතුළු 365 සේවාවන් කිහිපයක් ලොව පුරා ඇණ හිටී

මේ වන වි​ට ලොවපුරා වෙසෙ​න අන්තර්ජාල පරිශීලකයන්ගෙන් ලැබෙන තොරතුරු සහ අන්තර්ජාතික මාධ්‍යන් වාර්තා කරන ආකාරයට Microsoft Teams ඇතුළු Microsoft 365 සේවාවන්හි සේවා ඇණහිටීමක් වාර්තා වෙමින් පවතිනවා. Down Detector වෙබ් අඩවිය වෙත පිවිසෙන විශාල අන්තර්ජාල පරිශීලකයන් පිරිසක් විසින්ද මෙම සේවාවන් බිඳ වැටීම තහවුරු කර තිබෙනවා.

ඒ අනුව Microsoft Teams වෙතින් meetings වෙත පිවිසී​මේ හැකියාව අඩාල වී ඇති අතර Microsoft සමාගමේ ඇතැම් 365 සේවාවන් සදහා මේ සේවා ඇණහිටීම දැනට බලපා ඇතැයිද තොරතුරු වාර්තා වෙනවා.

ලොව පුරාවටම බලපාන ලෙස ⁣සිදු වු මේ සේවා බිද වැටිම නිසාි Microsoft teams meeting එකක් සඳහා ඇතුළු වීමට යාමේදී Operation failed with unexpected error ලෙසින් පෙන්වනු ලබනවා.

මේ බිඳ වැටීම පිළිබඳව Microsoft සමාගම වෙතට දැනටමත් පරිශීලකයන්ගේ වාර්තා කිරීම් ලැබී ඇති බවත් මේ පිළිබඳව ඔවුන් කටයුතු කරන බවත් ඔවුන් tweet එකක් පළ කරමින් නිවේදනය කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප විසින් බලාපොරොත්තු වනවා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna