Microsoft සමාගම විසින් Discord සේවාව මිලදී ගැනීමට සූදානම් වේ

ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික මුදලකට මෙම ගණුදෙනුව කිරීමට ලොව විශාලතම මෘදුකාංග සමාගම සුදානම්වන බවට වාර්තාවනවා

Microsoft සමාගම විසින් Discord සේවාව මිලදී ගැනීමට සූදානම් වේ

Discord සේවය පරිගණක ක්‍රීඩා කරන්නන් අතර ඇති ජනප්‍රියම සේවයක්. ඒ මගින් ඔවුන්ට (video, voice, text හරහා) සංවාදයේ යෙදීමට, තමන් කරන ක්‍රීඩාව විකාශය කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මේ කොරෝනා සමයේ gamers ල හැරුණු කොට අධ්‍යාපන, හා විවිධ ඒ හා සමාන වැඩ කටයුතු කර ගැනීමට මේ සේවාව භාවිතා වනවා.

Discord සතුව මිලියන 100කට අධික මාසික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින අතර, මෙය දැන් සුවහසක් gamer ප්‍රජාවට පමණක් වෙන්වුණු තැනක් නොවී ඕනෑම පිරිසකට කතා බස් කිරීමට ඇති තැනක් බවට පත්වී තිබෙනවා.

Source: Discord

විකිණීම සම්බන්ධයෙන් Discord සමාගමද විවිධ ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වුවත් ඔවුන් තවමත් මේ පිළිබඳ නිශ්චිත තීරණයකට පැමිණ නැති බවයි සඳහන් වන්නේ.

එසේම විකිණීමක් නොකර, පොදු සමාගමක් වීමටත් අදහස් කර ඇති බවටත් ඇතැමුන් අදහස් පල කරනවා. එවිට ඔවුන්ට කොටස් වෙළඳපොලේ ආයෝජන මගින් ප්‍රාග්ධනය වර්ධනය කර ගැනීමට හැකි වේවි.

Microsoft පසුගිය වසරේ TikTok, Pinterest වැනි සේවාද මිලදී ගැනීමට අදහස් කරමින් සිටියත්, ඒවා සාර්ථක වුයේ නෑ.

Microsoft සමාගමේ වෙනත් මිලදීගැනීම්. Source: Statista 

කෙසේ වෙතත් ඔවුන් Elder Scrolls (Skyrim), Doom හා Fallout යන games අයිති Bethesda Softwork සමාගම (ZeniMax Media Inc.) ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5කට මිලදී ගනු ලැබුවා.

Bethesda Games. Source: BBC

එසේම දැන් Microsoft Xbox Game Pass සේවාව හරහා subscription ක්‍රමයට games play කිරීමට PC, Xbox හා Android පරිශීලකයින්ට අවස්ථාව හිමි වනවා.

ඒත් සමගම මේ Discord වෙත අවධානය යොමු වීමත්, තම video-games අංශය software as a service (SaaS) යන වෙළඳ ආකෘතිය වෙත හැඩගැන්වීමට Microsoft ගත් තවත් උත්සහයක් ලෙස හැඳින්විය හැකියි.

Source: Bloomberg

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara