යලි නොඑන ගමන් යන්නට සැරසෙන Internet Explorer

යලි නොඑන ගමන් යන්නට සැරසෙන Internet Explorer

Web browser එකක් කිව්වාම ගොඩක් අයට මුලින්ම මතක් වෙච්ච දෙයක් තමයි Microsoft ලගේ Internet explorer කියන්නේ. මේ browser එක කාලයත් සමඟම වෙනත් Web Browsers විවිධ සාමාගම් වලින් හඳුන්වාදීමත් සමඟ අභාවයට ගියා. මේ තුළින් Microsoft සමාගමට එකල විශාල පාඩුවක් සිදුවූ අතර මේ නිසා ඔවුන් විසින් ම නව Web browser එකක් වන Microsoft edge web browser එක මෑත කාලයේදී හඳුන්වා දෙනු ලැබුවා.

2020 අගෝස්තු මාසයේදී Internet Explorer හි Microsoft 365 සඳහා සහය අත්හැරීමෙන් පසුව, Microsoft විසින් පසුගිය වසරේ Web browser එක නවතා දමන දිනය නිවේදනය කරන ලදී. එම නිවේදනය පරිදි Windows 10 හි බොහෝ සංස්කරණ සඳහා 2022 ජුනි 15 සිට Internet Explorer වෙත සහය දැක්වීම නවත්වනු ඇත.

ඒ නිසා, 2022 ජුනි 15 පසු ඔබට තවදුරටත් internet explorer භාවිතා කිරීමට නොහැකි වනු ඇති අතර එය තවමත් භාවිතා කරන අය Edge browser එක වෙත redirect කරනු ලබනවා. Microsoft සමාගම විසින් පසුගිය වසරේ දී මේ පිළිබඳව පළ කල නිවේදනය ඔබට මෙමඟින් කියවිය හැකියි.

Google Chrome, Mozilla Firefox වැනි browsers සමඟ තරඟ කිරීමට Microsoft සමාගමේම Edge browser ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබ අතර තවදුරටත් ඔවුන්ගේ Internet Explorer browser එක පවත්වා ගෙන නොයා මෙලෙස නවත්වා දැමීම පුදුමයට කරුණක් නොවේ.

Internet Explorer 11 Desktop App එක Windows 10 හි බොහෝ සංස්කරණ සඳහා සහය අත්හරිනු ඇතත්, එය Windows 8.1, Windows 7 ESU, Windows SAC සහ Windows 10 IoT LTSC වැනි පැරණි Windows සංස්කරණ සඳහා තවදුරටත් සහය දක්වන බව Microsoft සමාගම නිවේදනය කරනවා. තවද සහය නොදක්වන නව Windows සංස්කරණ වල Internet Explorer Browser එක භාවිතා කිරීමට බලාපොරොත්තු වන පරිශීලකයින්ට Edge හෝ වෙනත් Chromium Based Browser මත මත ක්‍රියා නොකරන පැරණි වෙබ් අඩවි සඳහා පිවිසීමට පමණක් Microsoft Edge හි Internet Explorer mode එක භාවිතා කළ හැකි වනවා.

මෙලෙස Edge Browser එකේ Internet Explorer mode එක භාවිතා කරන ආකාරයට ඔබ නොදන්නෙහි නම් දැන්ම අපේ Forum එකට ගිහිල්ලා ඒ ගැන හරියටම දැනගන්න පුළුවන්.

මෙසේ Internet explorer web browser එක නවතා දැමීම ගැන ඔයාගේ අදහස මොකද්ද?

Source: TechRadar

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara