Microsoft සමාගමේ ලේඛනයකින් GTA 6 නිකුත් වන දිනය පිළිබඳව ඉඟි පළවෙයි

Microsoft සමාගමේ ලේඛනයකින් GTA 6 නිකුත් වන දිනය පිළිබඳව ඉඟි පළවෙයි

GTA (Grand Theft Auto) යනු සෑම කාලයකම වඩාත්ම ජනප්‍රිය පරිගණක ක්‍රීඩා වලින් එකක් මෙම පරිගණක ක්‍රීඩා මාලාවේ පස්වන Game එක (GTA 5) 2013 වසරේදී නිකුත් වුවද, එය තවමත් වෙනත් පරිගණක ක්‍රීඩා වල විකුණුම් වාර්තා බිඳ දමනවා. කෙසේ වෙතත්, බොහෝමයක් ක්‍රීඩකයින් දිගු කලක සිට Rockstar සමාගම විසින් GTA 6 නිකුත් කරන තෙක් බලා සිටිනවා.

මීට පෙර Android වැඩකාරයෝ අප මේ GTA 6 game එක rockstar සමාගම විසින් එළිදක්වන බවට වාර්තා කළා ඔබට මතක ඇති. වාසනාවකට මෙන්, Microsoft සමාගම වෙතින් GTA 6 නිකුත් කරන දිනය පිළිබඳ කුඩා ඉඟියක් ලැබී තිබෙනවා.

Microsoft සමාගම විසින් Activision-Blizzard අත්පත් කර ගැනීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ නියාමන ආයතනයක් වන තරඟ සහ වෙළඳපල අධිකාරිය (CMA) විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඩොලර් බිලියන ගණනක මෙම ගනුදෙනුව පරීක්ෂා කර තිබෙනවා. මෙම විමර්ශනයට Microsoft සමාගමේ ප්‍රතිචාරය ඉතා ඉක්මන් වූ අතර ඔවුන් මේ සඳහා එක් ලේඛනයක් ඉදිරිපත් කරමින් ආරක්ෂාවීමට තැත් කර තිබෙනවා. පුදුමයට කරුණ නම්, මෙම ලේඛනයේ සමහර තොරතුරු තුළින් GTA 6 නිකුත් කරන දිනය පිළිබඳ ඉඟි ලබා ගත හැකි වීමයි.

Microsoft සමාගම පවසා සිටිනුයේ Call of Duty game එක පමණක් තරඟකාරීත්වයට මුහුණ දීමට ප්‍රමාණවත් වෙළඳපල කොටසකින් සමන්විත නොවන බවයි. වඩාත්ම කැපී පෙනෙන කරුණ සඳහන් වනුයේ ලේඛනයේ 24 පිටුවේ ය.

2024 GTA 6 නිකුත් වන බවට ලේඛනයේ සඳහන්ව තිබූ අයුරු

Microsoft සහ Rockstar යන සමාගම් අතර ඇති සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින්, මෙම තොරතුරු නිවැරදි යැයි අපට පැවසිය හැකිය. කෙසේ වෙතත්, සමාගම තවමත් CMA විමර්ශනය යටතේ පවතින අතර, ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් අවදානම් මට්ටමේ පැවතිය හැකිය. ඒ හේතුවෙන් මේ තොරතුරු වල නිරවද්‍යතාවය නිශ්චිත නොවනවා.

2024 දී නිකුත් කිරීමේ දිනයක් බලාපොරොත්තු නොවන බවක් පෙනෙන්නට තිබුණද, 2025 වන විට මෙය එළිදැක්වීමට සූදානම් විය හැකි බව වාර්තා යෝජනා කර ඇත. Rockstar සමාගම විසින් 2024 දී නිකුත් කරන දිනයක් මුලින් ප්‍රකාශයට පත් කර එය ඊළඟ වසර දක්වා ප්‍රමාද කිරීමට හොඳ අවස්ථාවක් තිබෙනවා. කෙසේවෙතත් Grand Theft Auto 6 වැනි ක්‍රීඩාවකට ලබා ගත හැකි උපරිම කාලය ලබා ගෙන ඉතා හොඳ Output ලබා දීමට එම සමාගම අපේක්ෂා කරනවා.

Source: gizmochina.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara