Apple සමාගමට දෙවෙනි වෙමි​න් ඩොලර් ට්‍රිලියන 3ක වෙළඳප​ල වටිනාකමක් වාර්තා කිරීමට Microsoft සමාගම සමත් ​වේ

Apple සමාගමට දෙවෙනි වෙමි​න් ඩොලර් ට්‍රිලියන 3ක වෙළඳප​ල වටිනාකමක් වාර්තා කිරීමට Microsoft සමාගම සමත් ​වේ

පසුගිය බදාදා දිනයේදී (2024 ජනවාරි 24) කොටස් වෙළඳපලෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා යෑමට මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රථම වතාව​ට සමත්ව තිබෙනවා. මෙය ලොව වැඩිම වටිනාකම සතුවන ඇපල් සමාගමට දෙවෙනි වන වාර්තාවක් වන අතර මේත් සමගම මයික්‍රොසොෆ්ට් සමාගම ලොව වැඩිම වටිනාකමක් සහිත සමාගම් වල දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

2024 වර්ෂය ආරම්භයත් සමඟම මයික්‍රොසොෆ්ට් සමාගමේ සහ ඇපල් සමාගමේ කොටස් වල මිල ගණන් තරඟකාරී ආකාරයට උච්ඡාවචනය වූ අතර එහිදී ඇපල් සමාගම යම් පසුබෑමකට ලක්ව ඇති බව Wall Street වාර්තා විසින් දක්වා තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටසක මිල ඇමරිකානු ඩොලර් 405.15ක් දක්වා 16.%කින් ඉහළ ගොස් ඇති අතර ඒත් සමඟම මයික්‍රොසොෆ්ට් සමාගම වටිනාක​ම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවා යෑමට සමත්ව තිබෙනවා. නමුත් ඇපල් සමාගමේ කොටසම මිල ලෙසින් වාර්තා වන්නේ ඇමරිකානු ඩොලර් 196.04ක් ලෙසින් වන අතර එය 0.4%ක ඉහළ යෑමකි.

ChatGPT සහ OpenAI වෙත ගිය වසරේ පටන් සිදු කල ආයෝජනයන් මත පදනම්ව මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට වෙළඳපලේ ඇති කරමින් සිටින පෙරළිකාරාත්මක තත්වය මඟින් එම සමාගමට වෙළඳපල තුල හිමිව ඇති කොටස සීග්‍රයෙන් ඉහළ යාම නිසා, කොටස් වෙළඳපල තුල මෙම පෙරළිය සිදු කිරීමට හැකි වී ඇති බව වෙළඳපල විශ්ලේෂකයන් විසින් දක්වා තිබෙනවා. එමෙන්ම කෘත්‍රීම බුද්ධිය සඳහා මුල්තැනක් ගෙන කටයුතු කරන Google, Amazon, Oracle සහ Meta සමාගම් වල Generative Artificial Intelligence සමඟ සසඳන විට, ඔවුන්ට වඩා මයික්‍රොසොෆ්ට් සමාගම ඉදිරියෙන් සිටීමද මේ වටිනාකම ඉහළ යෑමට හේතු පාදක වී ඇති බවටද මත ප්‍රකාශ වනවා.

OpenAI හි තාක්ෂණය භාවිතා කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය ලෙසින් කටයුතු කරන Bing වෙත ලබාදුන් නවතම විශේෂාංග රැසත් සමඟින්, ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන Google වෙතද දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා.

මේ අතරතුරේදී චීනය තුල ඇපල් සමාගමේ වෙළඳපල කොටස ක්‍රමක්‍රමයෙන් අහිමිවී යමින් පවතින අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ චීන සමාගමක් වන Huawei සමාගම, ඇමරිකානු අභියෝග හමුවේ කලක් මන්දගාමීව සිට එක වරම විශාල පිම්මක් ගනිමින් ජංගම දුරකතන වෙළඳපලට පිවිසීම සහ චීන රට වැසියන්ට විශාල වටිනාකමකින් යුතු වට්ටම් රැසක් ලබා දීමත් සමඟයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ සහ ඇපල් සමාගමේ මේ තරඟය පිළිබඳ තවත් තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

Source: www.reuters.com www.cnbc.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara