නවතම Windows Insider preview update එක හරහා Linux GUI apps ධාවනය කිරීමේ හැකියාව ලබා දීමට Microsoft සමාගම කටයුතු කරයි

පසුගිය වසරේ Windows වෙත එක්වූ Linux Kernel එකට දැන් GUI apps සහයත් ලැබී තිබෙනවා.

නවතම Windows Insider preview update එක හරහා Linux GUI apps ධාවනය කිරීමේ හැකියාව ලබා දීමට Microsoft සමාගම කටයුතු කරයි

Windows 10 හි නවතම Insider Preview build එකත් සමඟ දැන් developers ලට Linux GUI apps වෙත කෙලින්ම access ලැබී තිබෙනවා. ඒ මගින් GUI editors, tools සහ Linux apps සැදීමට ඇති applications ද Windows හි  run කිරීමට දැන් අවස්ථාව තිබෙනවා.

මේ update එක Microsoft WSL (Windows Subsystem for Linux) හි සුවිශේෂ පියවරක් විදිහට සලකන්න පුළුවන්. පසුගිය වසරේ full Linux kernel එකම Windows 10 වලට එකතු කළ update එකේ විස්තර හා එය භාවිත කරන ආකාරයත් අප ඔබ වෙත ගෙන ආවා.

මෙලෙස Linux GUI apps run කිරීමට මීට පෙරත් හැකියාව තිබුණත්, Microsoft හි official support එක හේතුවෙන් apps සඳහා GPU hardware acceleration එකත් ලැබෙන නිසා apps, smooth ව run කරන්න දැන් පුළුවන්. එමෙන්ම audio සහ microphone support එකත් natively ම ලැබෙනවා. මේ සියල්ලම කලින් කරන්නට නම් third-party X server එකක් හා  X11 forwarding කිරීම අවශ්‍ය වුණා.

Linux GUI apps running on Windows. Image Source: Microsoft

නමුත් දැන් ඔබ Linux GUI app එකක් Windows වල run කරන විට OS එක මගින් automatically companion system distro එකක් start කරන අතර එහි Wayland, X server, pulse audio server හා app එක run කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඇතුලත් වනවා. App එක close කරන විට මේ distro එකත් end වන අතර මේ සියලු විශේෂාංග නිසා Linux GUI apps, Windows තුළම run කිරීම ඉතා පහසු වී තිබෙනවා.

Technical process එක අවශ්‍ය අයට. Image Source: ZDNet

Task Manager Eco Mode

Task Manager වෙත එකතු වූ නව Eco Mode එක. Image Source: Microsoft

මෙලෙස නිකුත් වූ අලුත් Insider Preview build එකේ ලබා දී තිබෙන නව විශේෂාංගයක් වන්නේ, Task Manager Eco mode එකයි. එමගින් පරිගණකයේ resources (RAM, CPU, Disk) එකවර වැඩියෙන් භාවිත කරන apps වලට යම් තාවකාලික සීමාවක් පනවන්න හැකියාව ලැබෙනවා.  

මේ සියලු විශේෂාංග තවම පරීක්ෂණ (beta) මට්ටමේ තියෙන්නේ. ඔබටත් ඒවා අත්හදා බලන්න අවශ්‍ය නම්  Windows Insider build 21364 එක දැන් install කළ හැකියි.

Source: TheVerge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara