Microsoft Edge web browser එක සඳහා නොමිලේ VPN සේවාවක් ලබා දීමට Microsoft ආයතනය සුදානම් වෙයි

Microsoft Edge web browser එක සඳහා නොමිලේ VPN සේවාවක් ලබා දීමට Microsoft ආයතනය සුදානම් වෙයි

Microsoft සමාගමේ Edge browser එක සඳහා නොමිලේ Virtual Private Network (VPN) සේවාවක් ලබාදීමට සුදානම් වනවා. මෙම විශේෂාංගය Cloudflare VPN සේවාව භාවිතයෙන් "Edge Secure Network" ලෙස හඳුන්වනු ලබන අතර, සමාගමට අනුව, මෙම විශේෂාංගය අනාගත Update එකකදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Source: Pureinfotech

Edge Secure Network විශේෂාංගය තවමත් develop වෙමින් පවතින නමුත් අනෙකුත් VPN සේවාවන්ට සමානව ක්‍රියා කරනු ලබනවා. එය සක්‍රිය කර ඇති විට, browser එක තුළට සහ පිටතට එන traffic එක encrypt කිරීමක් සිදුවෙයි. අන්තර්ජාල සේවා ඔබේ browsing හැසිරීම් සහ තොරතුරු හෝ හැකර්වරුන් ඔබගේ තොරතුරු සොරකම් කිරීමෙන් ඔත්තු බැලීම වළක්වන්නත් පුළුවන්. මීට අමතරව, මෙම සේවාව මගින් usersලට ඔවුන්ගේ පොදු IP address එක සහ location එක, virtual IP address එකක් භාවිතයෙන් සැඟවීමටද හැකිය.

Microsoft Edge භාවිතා කරන්නන් සඳහා මෙ​ම සේවාව නොමිලේ ලබා දුන්​නා වුවද, එය මසකට 1GB දක්වා සීමා වන බවට වාර්තා වේ. මෙම න​ව VPN සේවාව භාවිතා කිරීමට ඔබට Microsoft ගිණුමක් භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත.

පෙර කී ලෙස Edge Secure Network පහසුක​ම තවමත් වැඩිදියුණු වෙමින් පවතී. නමුත් එය නිකුත් වූ පසු, "Settings and more" මෙනුවෙන් ගොස්  "Secure Network" option එක තෝරා ගැනීමෙන් activate කිරීමට හැකි වනු ඇත.

VPN එක  ක්‍රියාත්මක කළ පසු, ඔබට ඔබේ Microsoft ගිණුමට සම්බන්ධ වීමට සිදුවනු ඇත, එවිට Edge Secure Network විශේෂාංගය ක්‍රියාත්මක කර ඇති බව ඔබට දන්වන්න shield icon එක ඔබට පෙනෙනු ඇත.

Source: Pureinfotech

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna