Microsoft Defender එක දැන් macOS, Android සහ iOS වලට​ත්

Microsoft Defender එක දැන් macOS, Android සහ iOS වලට​ත්

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Microsoft Defender සේවාව ප්‍රධාන Platforms 4කට නිකුත් කර තිබෙනවා. මෙය Microsoft 365හි කොටසක් ලෙස ලබා ගත හැකි අතර එය Online මෙන්ම Local ලෙස තර්ජන වලට මුහුණ දීමට හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

Windows සහ MacOS යන ප්‍රදාන මෙහෙයුම් පද්ධති සමඟ සහ 3rd Party Anti Virus Protection Software සමඟ ක්‍රියා කරන මෙය අන්තර්ජාලය හරහා පැමිණෙන phishing attacks වලින්ද ආරක්ෂාව ලබා දෙනවා.

Android සඳහා ඇති defender app එකෙන් දැනට ස්තාපනය කර ඇති සහ ඉදිරියේදී ස්තාපනය කරන apps වලින් ආරක්ෂාව ලබා දෙනවා. එමෙන්ම desktop වල මෙන් මෙහිද web protection පහසුකම තිබෙනවා. iOS app එකෙහි web protection පමණක් ඇති අතර, නමුත් ඒ තුළින් ඔබට ඔබගේ අනෙකුත් devices වල තත්වය බලා ගත හැකි වනවා.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ බාගත කර ගත හැකි අතර නමුත් ඒ සඳහා ඔබට Microsoft 365 Subscription එකක් අත්‍යාවශ්‍ය වනවා.

Sources: GSM Arena Microsoft

Read more

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

WWDC 2024 හිදී සිදුකෙරුණු විශේෂිතම එලිදැක්වී​ම් 13

සුපුරුදු පරිදි Apple's Worldwide Developers Conference එක මීට දවස් කිහිපයක ට උඩදි පැවැත් වුනා. එහිදි Apple විසින් විශේෂයෙන් කතා කරපු ප්‍රධාන කරුණු 13 ක් පිළිබදව අවදානය

By Kusal Dissanayaka