2021 වර්ෂයේදී Windows 10 මත Android apps ධාවනය කිරීමේ පහසුකම ලබා දීමට Microsoft සමාගම සූදානම් වේ

2021 වර්ෂයේදී Windows 10 මත Android apps ධාවනය කිරීමේ පහසුකම ලබා දීමට Microsoft සමාගම සූදානම් වේ

මීට වසර කීහිපයකට කලින් Microsoft සමාගම, ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද Windows ජංගම දුරකතන නිපදවීම නවතා දමා Windows Mobile මෙහෙයුම් පද්ධතියද නවතා දැමීම සිදු කරනු ලැබුවා. ඉන් පසුව Android මෙහෙයුම් පද්ධතිය වෙත අවධානය යොමු කල Microsoft සමාගම විසින් ඔවුන්ගේ personal assistant වන Cortana සහ Android මෙහෙයුම් පද්ධතිය සඳහා වන Microsoft launcher එක නිපදවීම සහ වැඩි දියුණු කිරීම සිදු කරනු ලැබුවා.

මේ වන විට Microsoft සමාගම තම Windows 10 මෙහෙයුම් පද්ධතිය සමඟ ලබා දෙන Your Phone app එක හරහා Android ජංගම දුරකතන වල Photos, notifications, messages සහ තවත් පහසුකම් කිහිපයක් භාවිතා කිරීමේ පහසුකම ලබා දෙනවා.

මීට පෙර ඔවුන් විසින් Samsung Galaxy ජංගම දුරකතන වල ඇති Android apps Windows 10 වල launch කිරීමේ හැකියාව ලබා දීමට සූදානම් වන බව වාර්තා වුනා. මේ වන විට Microsoft සමාගම විසින්, Windows 10 මත Android apps ධාවනය කිරීමේ හැකියාව 2021 වර්ෂයේදී ලබා දීමට සූදානම් වන බව Windows Central වෙබ් අඩවිය විසින් වාර්තා කර තියෙනවා.

ඉහත කී පරිදි මේ වන විට Samsung Galaxy ජංගම දුරකථන වල ඇති Android apps, Windows 10 වල launch කිරීමේ හැකියාව ලබා දී තිබුණත් ඒ හරහා සිදු වන්නේ ජංගම දුරකතනයේ ඇති apps Windows 10 වලට screen mirror කිරීම වන අතර, 2021දී ලබා දීමට සූදානම් වන මෙම නව පහසුකම හරහා Android apps සියල්ලම වාගේ Microsoft Store හරහා පරිගණකයට ස්ථාපනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව Windows Centralහි Zac Bowden විසින් ප්‍රකාශ කර ඇත.

Microsoft is toying with bringing Android apps to the Microsoft Store on Windows 10 - Zac Bowden

ඒ අනුව නුදුරු දිනකදීම Windows 10 Insider පරිශීලකයන්ට මෙම පහසුකම අත්විඳීමට සහ එහි ඇති දුර්වලතාවයන් හඳුනා ගෙන වාර්තා කිරීමට ඉඩ කඩ සැලසෙනු ඇත.

Microsoft සමාගම මෙවැනි eco system එකකට යාමට ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ, Apple සමාගමේ නවතම Apple M1 Mac පරිගණක වල iOS සහ iPadOS apps ධාවනය කල හැකි වීමයි. මේ හරහා Android පරිශීලකයන්ට තම කාර්‍යන් වඩාත් පහසු වනු ඇත.

Source: Windows Central

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara