Windows 11 වෙත කෘත්‍රීම බුද්ධිය රැගෙන එන Microsoft Copilot

Windows 11 වෙත කෘත්‍රීම බුද්ධිය රැගෙන එන Microsoft Copilot

පසුගිය සතියේ පැවති Microsoft AI and Surface Event එකේදී Microsoft සමාගම විසින් Windows මෙහෙයුම් පද්ධතිය සඳහා AI Assistant ලෙසින් Windows Copilot හඳුන්වා දෙනු ලැබුවා. Microsoft සමාගම විසින් සඳහන් කරන්නේ මෙය Windows 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් වූවායින් පසු එම මෙහෙයුම් පද්ධතියට ලැබෙන වඩාත්ම වැදගත් Update එක බවයි.

මෙය Task Bar එකෙහි දිස්වන අතර එක Click එකකින් මෙය Launch කරගත හැකිවනවා. Microsoft සමාගම පවසන්නේ ඔබ ඕනෑම Microsoft office Application එකක්, Microsoft Edge Browser එක වැනි යෙදවුම් වල විවිධ කාර්යයන් සඳහා මෙයට සහාය විය හැකි බවයි.

ඔබ Microsoft Wordහි Document එකක් Type කරන අතරතුර ඔබට ඒ සඳහා පින්තූරයක් අවශ්‍යනම් මේ හරහා අදාල පින්තූරයක් ලබාගෙන එහි Background Remove කිරීම, Color Grading වැනි දේ සිදු කොට Document එකට ඇතුළත් කර ගත හැකි වනවා.

Microsoft Edge Browser එකෙහි ඔබ යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමට සොයනවා නම්, එහි Image එකක් මෙයට Upload කිරීම මඟින් මේ හරහා එම භාණ්ඩය ඇති Web අඩවි පෙන්වනු ලබනවා.

වැදගත්ම කරුණ වන්නේ මෙයට ඔබගේ Smartphone එකටද සම්බන්ධ විය හැකි වීමයි. උදාහරණයක් ලෙස මෙමඟින් ඔබගේ මාසික දුරකතන බිල විමසූ විට මේමඟින් ඔබගේ Phone එකට ලැබී ඇති SMS වෙත පිවිස ඔබට අදාල තොරතුරු සපයනු ලබනවා.

හෙට දින සිට එනම් සැප්තැම්බර් මස 26වන දා සිට ලොව පුරා ඇති Windows 11 භාවිතා වන පරිගණක සඳහා මෙම Update එක නිකුත් කරන බව Microsoft සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.


ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: cnet.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara