New Bing AI Chatbot භාවිතයට Microsoft සමාගම සීමා පනවයි

New Bing AI Chatbot භාවිතයට Microsoft සමාගම සීමා පනවයි

Microsoft සමාගම විසින් Chat GPT සමඟ එකතු වී නිර්මාණය කරන ලද The New Bing පිළිබඳවත් එය පසුගිය දා සිට පරිශීලකයින් සඳහා නිකුත් කිරීමට ආරම්භ කළ බවත් අපි ඔබට වාර්තා කළා.

මෙය නිකුත් කිරීමට ආරම්භ කළ දා සිට බොහෝ පරිශීලකයන් විසින් මේ තුළින් නුසුදුසු දේවල් විමසන බවට වාර්තා වී තිබෙනවා. ඒ සඳහා ප්‍රතිචාර විසින් Microsoft සමාගම මෙසේ මෙම New Bing Chatbotට සීමාවන් පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද සිට The New Bing හි දිනකට භාවිතා කළ හැකි උපරිම Conversations සංඛ්‍යාව 5ක් වන අතර එක් Conversation එකක උපරිම Chats ප්‍රමාණය 50ක් වනවා.

මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර කළ මෙහි නිර්මාණකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙතෙක් වාර්තා වූ තොරතුරු මඟින් හෙළි වන්නේ සාමාන්‍යයෙන් එක පරිශීලකයෙක් දිනකට උපරිම ලෙස Conversation 5ක් පමණ භාවිතා කරන බවත් එම එක Conversation එකක් Chats 50 ඉක්මවා ඇත්තේ 1%ක් වැනි ඉතා සුළු අගයක් බවත් ය.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ හුදෙක් මෙය මිනිසුන්ට තොරතුරු දැන ගැනීම සඳහා නිර්මාණය කළ බවත් මෙහි නුසුදුසු දේ වීම වළක්වා සියලු පරිශීලකයින්ට ප්‍රයෝජනවත් සහ ආරක්ෂිතව තැබීම සහතික කිරීමට සමාගම පියවර ගන්නා බවයි.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara