Windows 11 මත Android apps ධාවනය කිරීමේ හැකියාව ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරයි

Windows 11 මත Android apps ධාවනය කිරීමේ හැකියාව ලබා දීමට Microsoft ආයතනය කටයුතු කරයි

ඔයාලට මතක ඇති මගේ කලින් Article එකේදි තමයි Windows 11 නිකුත් වීම ගැන පලමු ඉඟිය ලබා දුන්නෙ. ඒ Article එක මෙතනින් බලන්න. දැන් අපි කිව්වා වගේම Microsoft සමාගම Windows 11 නිළ වශයෙන්ම හඳුන්වා දුන්නා පසුගිය ජූනි 24 වෙනිදා. එහිදී සඳහන් වුන සුවිශේෂීතම පහසුකම් අතුරින් වඩාත්ම සිත් ඇදගන්නා සුළු පහසුකම වූයේ Android apps Windows 11 මත ධාවනය කිරීමේ හැකියාව ලබා දීමයි.

ඉතින් Windows 11 Update එකත් එක්ක Microsoftලා බොහෝමයක් අලුත් විශේෂාංග ලබා දුන්නා අපට. ඒ ලබා දෙන ලද විශේෂාංග අතර කැපී පෙනෙනම විශේෂාංගය වුනේ Windows 11 මත Android Apps Run කිරීමට ලබා දුන් හැකියාවයි. Amazon App Store එක හරහා තමයි Apps Install කිරීමේ හැකියාව ලබා දීලා තියෙන්නෙ. Install කරන Apps Windows මෙහෙයුම් පද්ධතියට සෘජුවමයි Install වන්නෙ, ඒ කියන්නෙ Android Emulator වැනි දෙයක් හරහා නොවෙයි. එම නිසාම මේ Apps, Windows Taskbar, Start Menu එක සහ Desktop Shortcut එකක් ලෙසද පෙන්වනු ලබනවා.

මේ සියල්ලම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි යමක් වාර්තා නොවන නමුත් Microsoft සමාගම මේ සඳහා "Intel Bridge" තාක්‍ෂණය භාවිතා කරන බවත් එමගින් එම Apps වලට බාධාවකින් තොරව හා සුමටව Run වීමට අවස්ථාව සැලසෙන බවත් ප්‍රධාන දේශනය අතරතුරදී "පැනොස් පැනයි" මහතා පැවසීය. නමුත් එයින් අදහස් වන්නේ මෙය Intel වලට පමණක් සීමා වීමක් ගැන නොවේ. මෙම Intel-Powered Android Apps, AMD පද්ධති තුල හා ARM Processor වලද ක්‍රියාත්මක වේ.

"සියළුම x86 Platforms හරහා මෙම හැකියාව ලබා දීම වැදගත් බව Intel විශ්වාස කරන අතර සියලු x86 Platforms වලට (AMD Platform එකද ඇතුළුව) සහය දැක්වීම සඳහා Intel Bridge තාක්ෂණය නිර්මාණය කර ඇත,"

Intel සමාගම විසින් The Verge වෙබ් අඩවිය වෙත ලබා දුන් ප්‍රකාශයක් මගින් මෙය තහවුරු කළේය.

Microsoft සමාගම වැඩිදුරටත් මේ සම්බන්ධව වැඩි විස්තරයකට නොගිය නමුත් Windows 11 මෙහෙයුම් පද්ධතිය තුල Android Apps බලගැන්වීම ලැබීම සිදුකරනු ලබන්නේ Microsoft හි Linux 2 සඳහා වන Windows SubSystem එක මගින් බව අවධාරණය කලේය.

Amazon Apps විසින් Google Play සඳහා සහය නොදක්වන අතර Microsoft හි දිගුකාලීන සැලැස්ම වන්නේ සියලුම Android Stores, Windows 11හි Microsoft Store එක තුලට ඇතුලත් කිරීමයි. එයින් අදහස් කරන්නේ Samsung සහ Google Play පවා ඔවුන්ගේ අවධානයට ලක්ව ඇති බවත් Amazon App Store එක පමණක්ම ඔවුන්ගේ අවසාන ඉලක්කය නොවන බවත්ය.

මෙයට සමගාමීව Microsoft විසින් Microsoft Store App එකක්ද එළිදක්වන ලදි. Windows ඕනෑම App එකක් සඳහා විවෘත වෙළඳසැලක් වීම කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි මේ Store App එක නිකුත් කරලා තිබෙන්නෙ. මෙයට Win32, UWP, PWA සහ Android Apps ද ඇතුළත් වේ. Windows හි Android Apps සඳහා වන සහය මහජනයාට ලබා දෙන්නේ ඒ හරහා වේ.

Source: Windows Central, The Verge, Engadget

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara